
(දිනේෂ් උපේන්ද්‍ර, නන්ද එස් ඒකනායක සහ රවීන්ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ )
කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ලැබී ඇති මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙනයාමට එරෙහිව සර්ව ආගමික නායකයින් පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයින් හා ප‍්‍රදේශවාසී ජනසහභාගීත්වයෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහල ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් කළහ.
අනතුරුව විරොධතාකරුවන් පාගමනින් කුලියාපිටිය නගර මධ්‍යට පැමිණ සිය විරෝධතාව සිදුකළහ.
2019 වසරෙහිදී එම ඒකකයට මුල්ගල් පවා තබා ඇති අතර එම ඒකකය රැගෙන ඒමට කටයුතු කළ එවකට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාද අදාළ උද්ඝෝෂණයට එක්ව සිටියේය.
රුපියල් බිලියන 17ක් වෙන් කර බවත් ඊට මුදල් අමාත්‍යංශයෙන් අදාළ සියලු වියදම් අනුමත කරගත් බව පැවසීය.
කෝටි ගණනක් වැය කරමින් තට්ටු නවයේ හා පහළවේ ගොඩනැගිළි සඳහා සියලු කටයුතු නිමකොට ලක්‍ෂ හතලිහක් වෙන කරමින් පාංශු පරීක්‍ෂාවන් පවා කළ බව ද හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේය
කුලියාපිටියට ලැබී ඇති සම්පත රැක දෙන්නැයි පක්ෂ බේදයකින් තොරව උද්ඝෝෂණයට එක් වූ පිරිස රජයෙන් ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගලින් පාර්ලිමේන්තු ගිය අය හිතනවා ඇති සියලු දේ හම්බන්තොට ගෙනියනවා වගේ වයඹ පළාතේ තියෙන සියලුම දේ කුරුණෑගලට ගෙනියන්න ඕනෑ කියලා විනාශ කරන්න.
මෙය නියම ක්‍රමවේදයට අනුව කුලියාපිටියට අනුමත වුණු ඒකකයක් නම් කුරුණෑගලට ගෙනියන එක වැරදියි. අනික් අතට රටේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් රෝහලේ ඔය කොටස් තිබෙද්දී කුරුණෑගල එක විතරක් දිස්ත්‍රික් රෝහලේ නැතුව මූලික රෝහලක් වන කුලියාපිටියට ගත්තේ ඇයි? සියලු රෝහල් දියුණු කර යුතුයි. නමුත් මෙහි මුල අකිල විරාජ් තමන්ගේ ආසනයේ ඡන්ද පදනම වැඩිකරගන්න කුරුණෑගල රෝහලට ලැබීය යුතු දෙයක් තමන්ගේ ආසනයට ගන්න හදපු එකද?
මහාචාර්ය ඒකකයක් කියන්නේ මෙඩිකල් ෆැකල්ටි එකක ඉතාමත් වැදගත් ඒකකයක්. ඒකට රෝගීන් ප්‍රමාණවත්ව ඉන්න ඕනි. කුරුණෑගල කියන්නේ විශාල රෝගීන් ප්‍රමාණයක් එන සියලු පහසුකම් තියෙන රෝහලක්. සුදුසුම තැන එතන. තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් ඒක කුලියාපිටියට ගත්ත අයට රිදිලා...
ඔයවගේම ඔබතුමා හප්පපු කාර් හදන තැනත් ළඟදීම විවෘත කරයි.
කවුද ගෙනියන්න කිව්වේ? ගෙනියන්න කියලා ඉල්ලුවා විතරයිනේ.. අනේ මන්දා අපේ හාමුදුරුවරුනුත් වළඳපු දානේ දිරවන්න මෙව්වට එනවද මන්දා..? තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණා වගේ...!
බේත් ටික විදලා රට අරින්න කළින් ඡන්ද ටිකක් කඩාගන්න දඟලන දැඟලිල්ලක් අම්මපා...!!!
වෛද්‍ය පීඨයේ වැඩ වලටත් දේශපාලනය බලපැම් කරනවනම් රටට දෙවියන්ගෙම පිහිටයි
දැන් බලනන හැමදේම එකම ස්ථානයක පිහිටුවීමෙන් කොළඹ තියෙන තද බදය කිලෝමීටරයක් දුර යන්න පැය දෙක තුනක් යනවා