බස් ත්‍රිරෝද අනතුරින් දෙදෙනෙක් මරුට කළුතර කටුකුරුන්ද ප්‍රදේශයෙදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරක් දෙදෙනකු මියගොස් ඇති බව පයාගල පොලිසිය සදහන් කරයි. 02 July 2026
ඩෙංගු මදුරුවා සෞන්දර්ය සරසවිය වසයි ඩෙංගු තදින් පැතිරීම හේතුවෙන් කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය වසා දැමුණු බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. 02 July 2026
බලවේග කට්ටල නැතිව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මගීහු අමාරුවේ බලවේග කට්ටල දුම්රිය නොමැති වීම නිසා කැළණිවැළි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගු කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා අද පැවසීය. 01 July 2026
හදිසි නීතිය යළි දීර්ඝ කරන්නේ නැහැ හදිසි නීතිය මේ මාසයේ සිට දීර්ඝ කරන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 July 2026
විනිසුරු විශ්‍රාම වයස ගැන තාම තීරණයක් නෑ විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධයෙන් රජය තවම නිශ්චිත තීන්දුවක් ගෙන නැතැයි කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය හා සෞඛ්‍ය මාධ්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 July 2026
කන්ටේනර්වලින් මුදල් ගැරීමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කර ටෙන්ඩර් හරහා අළෙවි කරන භාණ්ඩ ගබඩා කර ඇති කන්ටේනරයක් වෙනුවෙන් ආර්.සී.ටී. පර්යන්තය රඳවා ගැනීමේ ගාස්තුවක් ලෙස රුපියල් 80,000 ක මුදල් සහ රජයේ බදු අයකිරීමෙන් එම භාණ්ඩ මිලදී ගන්නා ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ. 01 July 2026
ජනපතිට වෙන්කළ ගිලන් රියක් මුලතිව් රෝහලට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ජනාධිපතිවරයා වෙත වෙන් කර තිබූ ගිලන් රථයක් මුලතිව් මහ රෝහල වෙත අද(1) බාර කෙරිණි. 01 July 2026
ඉන්ධන වෙනුවෙන් ඉදිරියටත් සහන දෙනවා ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදීත් ජනතාවට සහන ලබාදෙන්න පැකිලෙන්නේ නැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 01 July 2026
බස් ගාස්තුව සියයට 20කින් ඉහළට වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා බස් ගාස්තුව කාණ්ඩ දෙකක් යටතේ ඉහළ දැමූ බවත් ඒ අනුව කිලෝමීටර 100 කට අඩු කෙටි ගමන් සේවා බස්රථවලට සියයට 12 සහ කිලෝමීටර 100 වැඩි දුරගමන් සේවා බස්රථවලට සියයට 20ක ගාස්තු ඉහළ දැමූ බවත් ජාතික ගමනාගමන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තිලාන් මිරැන්ඩා මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 July 2026
පාසල් සිසුන්ට පාවහන් ගන්න ආණ්ඩුවෙන් සල්ලි 2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි / පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 July 2026
ලිහිසි තෙල් නාම අනුකරණය කළැයි දෙදෙනෙකුට ඇප බුද්ධිමය දේපල පනත උල්ලංඝනය කරමින් ලෝක ප්‍රකට වෙළඳ නාම වන කැල්ටෙක්ස් සහ ඩෙලෝ ජනප්‍රිය වෙළඳ ලකුණු නීති විරෝධීව අනුකරණය කර ලිහිසි තෙල් නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සිදු කළේ යැයි කියන මාවනැල්ලේ සහ කෑගල්ලේ වෙළඳ ආයතන දෙකක හිමිකාර සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට, මාවනැල්ල සහ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ පසුගියදා නියෝග කළේය. 01 July 2026
බස් ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය බස් ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 July 2026
සුනඛයින් ලියාපදිංචි කරන්න යයි ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 July 2026
වී ගන්න මිලියන හයදාහක් වෙන් කරයි යල කන්නයේ වී මිල දී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 6000 ක ප්‍රතිපාදන සලසා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 July 2026
මහ කන්නයට පෝර ගන්න කැබිනට් අනුමැතිය මහ කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැණි ලිමිටඩ් වෙත යූරියා පොහොර ප්‍රසම්පාදන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 01 July 2026
ගංගාරාමය කේන්ද්‍ර කර ගනිමින් පන්සල් නගරයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් බේරේ වැව අවට ප්‍රදේශය ජාත්‍යන්තර සංචාරක සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිත “Temple City”( පන්සල් නගරය) ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ. 01 July 2026
නිදහස ඉල්ලා සරණගෙන් ඇපෑලක් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු කරමින් නියම කළ බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම හා දඩ මුදල්වලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ලෙස ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන විසින් අභියාචනාධිකරණය හමුවේ ඇපැල් පෙත්සම් හතරක් ගොනුකර ඇත. 01 July 2026
අයිස් සමග ගුවන් සෙබළුන් දෙකක් මාට්ටු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 185 ක් සන්තකයේ තබාගෙන සිටි ගුවන් හමුදා සෙබළුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලිසිය පවසයි. 01 July 2026
පාතහේවාහැට ප්‍රා.සභා සභාපති ඉල්ලා අස්වේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය හෙබවූ කේ.එස්.බී.රාජනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද එම සභාවේ ලේකම්වරියට භාරදුන්නේය. 01 July 2026
සලේ කෑම නතර කරමින් ආරම්භ කළ උපවාසහ අත් හරියි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන අතරතුර නිරා ආහාරව සිටීම හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන සුරේෂ් සලේ සැකකරු ආරම්භ කර තිබූ ආහාර වර්ජනය කිරීමේ උපවාසය අවසන් කිරීමට තීරණය කර ඇති බව ඔහුගේ නීතිඥවරයා සනාථ කළේය. 01 July 2026
අපු‘ර අනතුරු දෙකකින් අනුරාධපුර පූජා නගරයේ සදහිරු සෑය අසලදී සහ සාලියපුර ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ පාසල් සිසුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 01 July 2026
ජාතික රෝහලට කැත් රසායන ඒකක දෙකක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව කැත් රසායනාගාර ඒකක (Cardiac Catheterization Laboratory) ද්විත්වය සහ නවීකරණය කරන ලද හෘද රෝග සායන ඒකකය හෙට (02) රෝගී ප්‍රතිකාර සේවා සඳහා එක් කෙරෙයි. 01 July 2026
සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන් කරන ලද රුපියල් කෝටි 22කට අධික මුදලක් රජයේ හෝ ජනතාවගේ යහපත උදෙසා වැය නොකොට දේශපාලන පක්ෂයක (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ) දේශපාලන අරමුණු වෙනුවෙන් වියදම් කොට මුදල් අව භාවිතා කළේ යැයි කියන ජනාධිපති කාර්යාල හිටපු විශේෂ ව්‍යාපෘතියක අධ්යක්ෂ සුගීෂ්වර බණ්ඩාර ලබන 08 වැනි දින දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග අද කළේය. 01 July 2026
මාලබේ දන්සලක හෙල්මට් ප්‍රහාරයට 6ක් මාට්ටු මාලබේ ප්‍රදේශයේ දන්සලක පෝලිම් පැන්න බව කියන සිද්ධියකින් පසුව ඇති ආරවුලකදී තරුණයකුට ඉතා අමානුෂික ලෙස වට කරගෙන හෙල්මට්වලින් පහරදුන් බව කියන සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය පවසයි. 01 July 2026
සිවිල් - වාණිජ ආරවුල් පනතට කතානායක සහතිකය එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහතිකය සටහන් කළේය. 01 July 2026
ඇමෙරිකන් ආධාර ඊශ්‍රායලයට ඕනෑ නෑ ඊශ්‍රායලයේ ආර්ථිකය ශක්තිමත් බවත්, තවදුරටත් ඇමෙරිකාව මත යැවීමට අවශ්‍ය නොවන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 01 July 2026
ජපන් අගමැතිනිය ඉන්දියාව බලා එයි ජපන් අග්‍රාමාත්‍ය සානේ ටකයිචී ඉන්දියාව බලා යෑමට ගුවන්ගත විය. ඇය අද (1) නවදිල්ලියට පැමිණෙනු ඇත. මෙය ජපන් අග්‍රාමාත්‍ය ලෙස සානේ ටකයිචී, ඉන්දියාවට පැමිණෙන පළමු අවස්ථාවය. 01 July 2026
වසන්ත මුදලිගේගේ වාරෙන්තුව ආපසු කැඳවයි අධිකරණයේ පෙනි නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම වරෙන්තුව ආපසු කැඳවු මහර අංක 01 අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය සැකකාර වසන්ත මුදලිගේ පෙර ඇප මත මුදා හැරීමට නියෝග කළාය. 01 July 2026
ලීසිං ක්‍රමයට හාල් දීලා ගෙව්වෙ නැතොත් බත් මුට්ටිය උත්සාවි ලීසිං ක්‍රමයට හාල් දීලා ණය ගෙව්වෙ නැත්තම් බත් මුට්ටියත් උස්සාවි යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 01 July 2026
වවුනියා නගර සභාවේ සෙන්කෝලය උත්සලා වවුනියාව නගර සභාවේ සෙන්කෝලය කිසියම් පුද්ගලයකු සොරකම් කොට ඇති බවට එහි ලේකම්වරයා පොලිසියට පැමිණිල්ලක් කළ බව වවුනියාව පොලිසිය කියයි. 01 July 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026