
(හෙන්රි ලයනල්)
ලෝක භෞතචිකිත්සක දිනය වෙනුවෙන් පැවති ජාතික සැමරුම් උත්සවයට සමගාමීව පොළොන්නරුව ශික්ෂණ රෝහලේදී ද සැමරුම් උත්සවයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා පැවැත්විණි.
පොළොන්නරුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපුල් කරුණාරත්න මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ රෝහලේ භෞතචිකිත්සක අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා හෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක මංජුල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිලධාරින් හා එක්ව මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව ශික්ෂණ රෝහලේ මෛත්‍රිපාල සිරිසේන ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවති මෙම සැමරුම් උත්සවයට විශේෂ ආරාධිතයන් ලෙස නිවාස ඉදි කිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව මහ රෝහලේ හිටපු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ජාතික රෝහලේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර යන මහත්වරු එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd