හිතුමතේ පැණි බීම විකුණන්න බැරි වෙයි දියර ආහාරවල සීනි අන්තර්ගතය පිළිබඳ වර්ණ සංකේත ලේබල් කිරීමේ නියෝග සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 04 July 2026
පාසල් පෙළපොත් මුද්‍රණයේදී කෝටි 21 ක් පිල්ලි ගිහින් 2002 වර්ෂයේ පාසල් පෙළපොත් මුද්‍රණයට අදාළව රුපියල් කෝටි 21 කට ආසන්න මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) කරුණු රැසක් අනාවරණය විය. 04 July 2026
අදත් තැනින් තැනට තද වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දොපාර්තමේන්තුව කියයි. 04 July 2026
ලාෆ් ගෑස් රුපියල් 1,280 කින් අඩු කරයි ලාෆ් ගෘහස්ථ ගෑස් මිල රුපියල් 1,280 කින් අඩු කිරීමට තීරණය කළ බවත් නව ලාෆ් ගෑස් මිල අද (3) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ගෑස් සමාගම අද රාත්‍රී නිවේදනය කළේය. 03 July 2026
වෙරිමරගාතේ අයෙක් මැරුවාට පෝරකයට මනුෂ්‍ය ඝාතනයක් සිදුකරිම සම්බන්ධයෙන් වරදකරුවු විත්තිකරුවකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පුර්ණිමා පරණගමගේ මහත්මිය අද මරණ දඩුවම නියම කළාය. 03 July 2026
පූජිතගේ - නිලන්තගේ අභියාචනා ඉවතට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ හා සදාකාලික ආබාධයට පත් වූ වින්දිතයන් හා ඔවුන්ගේ ඥාතීන් පැවරූ නඩු 182 කින් තමන් මුදා හරින ලෙස ඉල්ලා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගොනු කළ අභියාචන පෙත්සම මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළේය. 03 July 2026
ගෑස් මිල පහළ දමයි ලිට්රෝ ගැස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීම එම සමාගම අද තීරණය කළේය. 03 July 2026
වවුනියාව නගරාධිපතිගේ තහනම අධිකරණයෙන් නවතයි වවුනියාව මහනගර සභාවේ හිටපු නගරාධිපති සුන්දරලිංගම් කාන්ඩීපන් මහතා නගරාධිපති ධූරයෙන් සහ ඔහුගේ සභික ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන 15 වැනිදා තෙක් අත්හිටුවමින් වවුනියාව මහාධිකරණ විනිසුරු ඒ අලෙක්ස්රාජා මහතා අතුරු තහනම් නියෝගයක් අද නිකුත් කළේය. 03 July 2026
මහනුවරින් පේරාදෙණියට බස් පාරේගිය දුම්රිය ඇංජිම උඩරට දුම්රිය මාර්ගයේ කඩුගන්නාව සහ රඹුක්කන අතර දුම්රිය මාර්ගයේ නාය ගිය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරිම සදහා දුම්රිය එන්ජිමක්, දුම්රිය සේවා මැදිරියක් සහ බෝඩි කිහිපයක් මහනුවර දුම්රිය ස්ථානයේ සිට විශේෂ ලොරි රථයකින් පේරාදෙණිය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කිරිමේ කටයුතු කරන බව ඉහළ දිස්ත්‍රික් දුම්රිය විධායක ඉංජිනේරු - නානුඔය දනුෂ්ක දිසානායක මහතා පැවසීය. 03 July 2026
ශිෂ්‍යත්ව අභියාචනා කළ සිසුන්ට ලැබුණු පාසල් මෙන්න 2025 වසරේ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දෙවන වටයේ අභියාචනා මත සිසුන්ට පාසල් ලබා දී තිබේ. 03 July 2026
පාඨලී චම්පිකගෙන් ගල්අඟුරු කොමිසමට ප්‍රකාශයක් ගල් අඟුරු සම්බන්ධයෙන් ගල් අඟුරු කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ඊයේ (2) වැනිදා පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත 03 July 2026
කරන්නාගොඩට ඇප හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සැකකරු නිසි සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගෙන දූෂණය නම් වරද සිදු කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 03 July 2026
රඛිත යළි රිමාන්ඩ් අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ’හරක්කටා’ ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නදුන් චින්තකගේ බිරිඳගෙන් ලබාගත්තේ යැයි කියන හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය. 03 July 2026
ඒකාබද්ධ විපක්ෂය අමරපුර මහා නා හිමි බැහැ දකී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ අද(3)කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර නිකායේ මහා නා හිමියන් පන්නිපිටිය දෙව්රම් විහාරයේදී බැහැදුටුවහ. 03 July 2026
දත් දොස්තර ස්ථාන මාරු ඩිජිටල් වෙයි දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ විශේෂඥ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය පහසු කිරීම, විධිමත් කිරීම සහ කාර්යක්ෂම කිරීම යන මූලික අරමුණු මුල් කරගනිමින් නිර්මාණය කරන ලද DSTMS (Dentel Surgen Transfer Management System) නව ඩිජිටල් යෙදුම (APP) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (03) එළිදැක්විණි. 03 July 2026
පාරෙ වී වේලනවාට ආණ්ඩුවෙන් විසඳුමක් රුපියල් මිලියන 500ක වියදමින් මෙට්‍රික් ටොන් 10ක ධාරිතාවයෙන් යුත් වී වේලන යන්ත්‍ර 50ක් සමුපකාර සමිතිවලට ලබාදීමට රජය තීරණය කර තිබේ. 03 July 2026
ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි පාර්ලිමේන්තුව ජූලි 07 සිට 10 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 03 July 2026
ලංකා - පකිස්ථාන ගුවන් ගමන් වැඩි කරන්න යයි වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ පාකිස්තාන ආරක්ෂක ලේකම් ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ප්රමුඛ පකිස්ථාන නියෝජිත පිරිස අතර නිල හමුවක් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි. 03 July 2026
කුරුණෑගලත් බස් සේවකයෝ 12 කුඩු ගහලා රටම එකට ජාතික මත්ද්‍රව්‍ය මෙහෙයුමට සමගාමීව බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇත්දැයි සෙවීම සදහා කුරුණෑගල බස්නැවතුම්පලේදී සිදු කළ පරීක්ෂණයේදී රියැදුරන් 108 කු අතරින් පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තර 12 දෙනෙකු මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති බව තහවුරු වී ඇත. 03 July 2026
ගෝලීය සුවතා ක්ෂේත්රයේ ලංකාව ඉදිරියෙන් ගෝලීය සුවතා සංචාරක ක්ෂේත්රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කර ගනිමින් ‘බුක්රිට්රීට්ස්.කොම්’ (BookRetreats.com) වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කරන ලද 2026 වසරේ ලොව වේගයෙන්ම ප්‍රචලිත වන ‘සුවතා ගමනාන්ත’අතර ප්‍රථම ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. 03 July 2026
ට්‍රම්ප් ක්‍රිප්ටෝ මුදල්වලින් හම්බ කරලා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරක කාලය තුළ ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර හරහා ඇමෙරිකන් ඩොලර් බිලියනයකට (රුපියල් බිලියන 300කට අධික) වඩා උපයා ඇති බව එරට මාධ්‍ය පවසයි. 03 July 2026
රේගුවට ගිය මාසේ කෝටි 22500ක ආදායමක් ශ්‍රී ලංකා රේගුව පසුගිය මාසයේ ආදායම් ඉලක්ක අභිබවමින් රුපියල් කෝටි 22500 ක ආදායමක් රැස්කරගෙන අැත 03 July 2026
පොහොර මිල ගැන ලාල්ගෙන් ඉඟියක් පොහොර මිල ඉදිරියේදී අඩු වේවි යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය. 03 July 2026
නරක අධිකරණ පද්ධතියකින් රටක් විනාශ වෙන්න පුලුවන් නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවැසීය 03 July 2026
පාතහේවාහැටට වැඩ බලන්න සභාපතිවරයෙක් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ සභාපති ධූරයට වැඩ බැලීමේ සභාපති වශයෙන් එහි උප සභාපති පියල් ජයසිංහ අද නිල වශයෙන් වැඩ භාර ගත්තේය. 03 July 2026
කොළඹ - මහරගම පෙට් යන්ත්‍ර දින හතේම වැඩ ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය උපරිම ධාරිතාවයකින් හා කාර්යක්ෂමතාවයකිත් ඉදිරියේ දී දින හතම ප්‍රතිකාර සේවාවන් සඳහා යෙදවීමට ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 03 July 2026
කරන්නාගොඩ අත්අඩංගුවට හිටපු නාවික හමුදාපති වසන්ත කන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (3) අත්අඩංගුවට ගෙන ඇත. 03 July 2026
ළමයි 46,000 ක් හිංසනයට ලක්වෙලා ළමයි 46000ක් හිංසනයට ලක් වී ඇති අතර ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 03 July 2026
පාතාලය එක්ක හාදකම් පෑ පොලිසියේ 1000ක් නෙරපයි පාතාලකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ හොරබඩු ජාවාරම්කරුවන් සමඟ සබඳතා පැවැත්වූ බව කියන පොලිස් නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් පොලිසියෙන් මෑත භාගයේදී නෙරපූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන.. 04 July 2026