DIMO මාලදිවයිනේ සමුද්රී ඉංජිනේරු විසඳුම් ඉහළ නැංවීමට සූදානම්
DIMO, මාලදිවයිනේ සිය සමුද්‍ර ඉංජිනේරු සේවා වැඩිදියුණු කිරීම සඳහා නව සැළසුම් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ MTU, DDC යාත්‍රා එන්ජින් සඳහා බලයලත් සේවා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO සිය සමුද්‍ර ඉංජිනේරු අංශය වන ’DIMO Marine Solutions’ හරහා මාලදිවයිනේ විදේශීය යාත්‍රා, අධි සුඛෝපභෝගී යාත්‍රා සහ නිවාඩු නිකේතන හිමියන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සේවා දියත් කිරීමට සූදානමින් සිටී.