අදයි - හෙටයි ලයිට් කපන්නෑ විදුලි කප්පාදුව අද සහ හෙට (30 සහ 31) දෙදින අත්හිටුවීමට විදුලිබල මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 30 January 2023
පාකිස්තාන පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් පාකිස්තානයේ පෙෂාවොර් නුවර, පොලිස් මූලස්ථානය තුළ පිහිටි මුස්ලිම් පල්ලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 25 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 30 January 2023
‘‘රටට අවශ්‍ය ටින්මාළු මෙරටදී නිෂ්පාදනය කරනවා‘‘ රටට අවශ්‍ය ටින්මාළු මෙරට නිෂ්පාදනය කරන බව ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ටෙස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා පවසයි. 30 January 2023
පාර්ලිමේන්තුව අවසන් කිරීම ජී.එල් හෙළා දකියි පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීමේ යටි අරමුණ පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට ආණ්ඩුවේ මන්ත්‍රීවරු පත්කරගෙන විශාල දූෂණ වංචා ඔස්සේ සාක්කු පුරවා ගැනීම බවත් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේ තීරණය දැඩි ලෙස හෙළා දකින බවත් ‘නිදහස් ජනතා සන්ධානයේ’ ප්‍රධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (30) පැවසීය. 30 January 2023
දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක තිරිංග ක්‍රියාවිරහිත වී ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි. 30 January 2023
මුදලිගේ වෙනුවෙන් අත්සන් ලේඛන 12,000ක් නීතිපතිට අරගලයේ සාමාජිකයකු වූ වසන්ත මුදලිගෙට නිදහස ඉල්ලා අත්සන් ලේඛන 12,000ක් නීතිපති දෙපාර්තමේන්තුවට බාරදීම අද පෙරවරුවේ සිදු විණි. 30 January 2023
ධනුෂ්කට ක්‍රිකට් පිටිය අහිමි වෙයි? ඕස්ටේ්රලියාවේදී පසුගිය වසර අග පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටියදී කාන්තාවකට අතවර කළේ යැයි අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලුම දේවල්වලට සම්බන්ධ වීම තහනම් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබේ. 30 January 2023
බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ. 30 January 2023
නිදහස දා කළු කොඩි එල්ලන්න යයි දෙමළ ජාතික සන්ධානය හා උතුරු නැගෙනහිර පළාත්වල සිවිල් සංවිධාන 75 වන ජාතික නිදහස් උළෙල දිනය කලූ කොඩි දිනයක් වශයෙන් සැමරීමටත් තීරණය කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. 30 January 2023
කොළඹ වැඩ ඉක්මනට කරන්න කොළඹ අග නගර නාගරික සංවර්ධන ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. 30 January 2023
ඉන්දීය සෞඛ්‍ය ඇමැතිට පොලිසිය වෙඩි තියලා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති නබා කිසෝර් දාස්, පොලිස් නිලධාරියකු කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. 30 January 2023
යකඩ දෑතින් පෝර හදන කම්හලක් ඇරෙයි ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී විවෘත කෙරිණි. 30 January 2023
විදුලියට ජලය දෙන්න ජල ලේකම් කාර්යාලය සූදානම් ඉදිරි දින දෙක සඳහා ජල විදුලිය උත්පාදනයට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් ජලාශවලින් නිකුත් කිරීමට ජල කළමණාකරණ ලේකම් කාර්යාලය එකඟ වූ බව මහජන උපයෝගිතා කොමිසම පැවසීය. 30 January 2023
රටේ බංකොලොත් ස්ටිකරය තව ටික දවසයි තව ටික කලකින් ලංකාවේ බංකොලොත් ස්ටිකරය ගැලවී යනු ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. 30 January 2023
ඔරුගොඩවත්තේ විභාග වංචාවක් විගණනයන් හෙළිවේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය යටතේ පවතින ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ 2020 වර්ෂයේ පූර්ණ කාලීන පාඨමාලාවන් සඳහා ආධුනිකයන් බඳවා ගැනීමේ විවෘත තරග විභාගය වංචනික අයුරින් කර සුදුසුකම් සහිත ආධුනිකයන් තිස් දෙනකු සිටිය දී සුදුසුකම් නොලැබූ ආධුනිකයන් විසි දෙනකු තෝරාගෙන ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 30 January 2023
ආණ්ඩුවට නැත්තේ සල්ලි නොව ඡන්දයි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට හිඟ වී ඇත්තේ මුදල් නොව ඡන්ද බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය. 30 January 2023
අහම්බෙන් සිදුවන අලි මළදරු උපතක් මැදවච්චියෙන් වල්අලි අතරේ කලාතුරකින් සිදුවන සිදුවීමක් වන බව කියන කෙනරක මළදරු උපතක් සිදු කර ඇතැයි මැදවච්චිය වනජීවි කාර්යාලයෙන් වාර්තා වේ. 30 January 2023
එක්ස්ප්‍රස් පර්ල් යන්නම යයි කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙනයාමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ. 30 January 2023
‘‘විදුලිය වැඩි කළොත් පාන් වැඩි කරනවා‘‘ විදුලි බිල වැඩි කිරීමක් සිදුකළ හොත් අනිවාර්යෙන්ම පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදු වනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි. 30 January 2023
කුඩු බෙදන කතක් මෝදරින් අල්ලයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන තැනැත්තියක ලෙස සැලකෙන කාන්තාවක මෝදර පන්සල පාරේ පිහිටි නිවසක් ඉදිරිපිට දී පෙරේදා 29 වැනි දා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 30 January 2023
ඩෙන්ටල් වන් වෙතින් නව වසරේ ඇරයුමක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නකු වන ඩෙන්ටල් වන් ජාලය, නව වසරේ ඔබගේ සිනහව තවත් සුන්දර කරගනිමින් නව වසර ධනාත්මකව ආරම්භ කිරීමට සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඇරයුම් කරයි. 30 January 2023
මැතිසබේ කමිටු හැත්තෑවක් අහෝසියි සභාව විවෘත කිරීම චාමෙට මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත් සමග අහෝසිවී යන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ. 30 January 2023
දවල් මිගෙල් රෑ දැනියෙල් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ භික්ෂූන් වහන්සේලා බවට සැක සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තරුණයන් හයදෙනකු අධික බීමතින් මහනුවර නගරයේ සිටියදී අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලීසිය කියයි. 30 January 2023
අද සවස තද වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද (30) සවස් කාලයේ සිට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 January 2023
උසස් පෙළ දරුවන්ට වින කරනවාට පන්දම් විරෝධයක් අ.පො.ස උසස්පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුල විදුලිය කප්පාදුකිරීමට එරෙහිව සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ 12, ගුණසිංහ පිළිරුව අසල දී අද පස්වරුවේ පැවැත්විණි 29 January 2023
කුරුණෑගල සත්‍යවාදී පිටියට ජන ගඟක් ගලයි සමගි ජන බලවේගය සංවිධානය කළ පළමු ජන රැළිය විශාල ජනතා සහභාගීත්වයකින් එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල සත්‍යවාදී පිටියේදී අද පැවැත්විණ. 29 January 2023
ගිලන් රථ රියැදුරා කුඩුත් එක්ක මාට්ටු ගම්පහ මහ රෝහලේ ගිලන් රථ රියදුරෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලි ග්‍රෑම් 320 සන්තකයේ තබාගෙන සිටි බව කියමින් යාගොඩ ප්‍රදේශයේ දී ෙසැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 29 January 2023
ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇරඹේ පළාත් පාලන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අරඹන්නැයි මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම්දී ඇත. 29 January 2023
නිදහසේ පෙරහුරුව 75 වැනි නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුවක් අද (29) කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. 29 January 2023
කුඹුරකට දෙපිරිසක් ගැටී දෙකක් මරුට පුල්මුඩේ පාලම්කුලම් වෙල්යායේදි කුඹුරක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර ඇති වු ආරවුලක් හේතු කොටගෙන කපාකොටා දෙදෙනකු මරාදමා ඇති අතර ගැටුමෙන් තුවාල ලැබු තිදෙනකු පුල්මුඩේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් අයකුගේ තත්වය බරපතල බැවින් පසුව ත්‍රිකුණාමලය රෝහලට මාරුකර ඇති බව පොලිසිය කියයි. 29 January 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026