
රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ.
නව බදු ප්‍රතිපත්ති නිසා තමන් දැඩිව අපහසුතාවයට පත්ව ඇතැ බව පැවැසූ විරෝධතාකරුවෝ බදු ඉවත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව ද ඔවුහු පැවැසූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
අනිවාර්යයෙන්ම විරුද්ධ විය යුතුයි. හෙට අනිද්දාට 45000ට වඩා පඩි ගන්න අයටත් බදු ගහනවා. එතකොට බලමු ඉතුරු අය සතුටින් ඉන්න හැටි...
කලබල වෙන්න එපාල මොකද ඊළඟ ආණ්ඩුව සුලුකලකින් විපක්ෂයක් නැතිවෙන්නම ජාජබ කට්ටිය ගන්නවා ඉතින් බදු නැහැ කොමිස් කුට්ටි නැහැ එතකොට නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙනවා එතෙක් ඉවසන්නකෝ එහෙම තිබුනත් ජාජබ සමහරු කියන්නෙ ජාජබ ආවත් අවුරුදු පහක් හයක් ඉවසන්න වෙනවා කියලා තමයි
මේ දුර්දාන්ත රජය එළවාදමනතුරු පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිහිටයි.
රජයේ සේවකයන් නම් කොහොම හරි බදු ඉවත් කරගනී. පුද්ගලික අංශයේ සේවකයන්ට තමයි පවට කර ගහන්න වෙන්නේ...
රටේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, සමෘද්ධි දීමනා, මාර්ග නඩත්තුව "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. නිකම් කෙඳිරි ගාන්නේ නැතුව ඒ සේවාවන්ට බදු ගෙවන්න පුරුදු වෙයල්ලා...
අයි.එම්.එෆ් කීව විදියට ආදායම 50,000/= ට වැඩි අයගෙන් පටන් අරන් 2%, 4%, 8%, 16%, 24%, 30% වගේ අය කළා නම් බදු ටිකත් එකතු වෙනවා මිනිස්සුන්ට අමාරුවකුත් නෑ .කියලා දෙන දේත් කරගන්න බැහැනේ .එකතු කරන බදු වලින් වැඩි හරියක් යන්නේ අකාර්යක්ෂම රජයේ සේවයට වැටුප් ගෙවන්න .තව හදන්න ගොඩක් දේවල් මේ රටේ තියනවා .හැමදාම ණයට හැමදෙයක්ම ගන්න බැහැ නේද
අද වරායෙන් අහිමි වන ආදායම කොහොමද කවර් කරන්නේ? ඒවා ගැන මීක් නෑ කිසිම දේශපාලන පක්ෂයක්...
Income tax ගහන්නේ ඉහළ වැටුප් ගන්නා අයට... රටේ බදු ආදායම වැඩිකර ගන්නේ නැතිව කොහොමද රටක් ඉස්සරහට යන්නේ?
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදියෙන් ප්‍රයෝජන ගන්නේ බදු ගෙවන අය විතරද? පිනට කන සමෘද්ධි සෙට් එක නඩත්තු කරන්නත් වෙන්නේ ඒ අයටම ද? ප්‍රශ්නය බදු ගෙවීම නෙවෙයි මේ බද්ද දරන්න බැරි තරමට විශාල වීමයි.