ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සාකච්ඡාවල තොරතුරු මාධ්‍යයට වහයි ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර සිදුවූ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවල අන්තර්ගතය පිළිබඳ මාධ්‍යයට අදහස් පළකළ නොහැකි බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළේය. 04 October 2026
AI තාක්ෂණයෙන් යුතු මිසයිලයක් උතුරු කොරියාව අත්හදා බලයි උතුරු කොරියාව කෘත්‍රීම බුද්ධි තාක්ෂණයෙන් යුත් මැදිදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව ඊයේ (03) දකුණු කොරියානු හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 04 October 2026
දිට්වා ආධාර බෙදීම: විශේෂ විගණනයක් අරඹයි දිට්වා සුළි කුනාටුවෙන් විපතට පත් වූවන්ට සහනාධාර බෙදා දීම මෙන්ම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විගණනයක් ආරම්භ කර ඇත. 04 October 2026
අත්අඩංගුවට පත් ඥානසාර හිමි අධිකරණයට තිනියාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 04 October 2026
පොඩි කොම්පැනිවල විදුලි බිල අඩු කරන්න අලුත් වැඩක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල විදුලි බිලේ බර අඩු කිරීම සඳහා මෙගාවොට් 25ක වහල මත සූර්ය බල පද්ධති ස්ථාපිත කරන නව ව්‍යාපෘතියකට අදාළ ණය සහ ප්‍රදාන ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහ ආසියානු සංවර්ධන බැංකුව පසුගිය 1 වැනිදා අත්සන් තැබූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. 04 October 2026
ජී.එල් ගේ පොත් දහයක කර්තෘ භාග සල්ලි නීති සිසුන්ගේ පර්යේෂණ වැඩට මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ශ්‍රී ලංකාවේ නීති සහ නීති පද්ධති පිළිබඳව රචනා කළ ග්රන්ථ දහයක කර්තෘ භාග (Royalties) මුදල් යොදවමින් නීති සිසුන්ට නීති පර්යේෂණ ආදියට සහාය වීම සඳහා ’’මහාචාර්ය ජී.එල්. පීරිස් නීති අධ්‍යාපන සහ පර්යේෂණ භාරය’’ පිහිටුවීම කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් මන්දිරයේ දී සිදු කෙරිණි. 04 October 2026
දෙනවා කිව්ව ඉන්ධන සහනය මිනිස්සුන්ට ලැබිලා නෑ ආණ්ඩුව රුපියල් කෝටි 4100 ක ඉන්ධන සහනාධාරයක් කැබිනට් මණ්ඩලයෙන් අනුමත කර ගත් නමුත් එවැනි සහනයක් ජනතාවට නම් ලැබී නැතැයි සමගි ජන බලවේගයේ මැද කොළඹ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පැවසීය. 04 October 2026
ගුරු සිසුවියන්ට වැරදි පාඩමක් කියා දුන් කථිකාචාර්යවරයාට වැඩ වරදි අම්පාර අට්ඨාලචේන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ (ගුරු විද්‍යාලයේ) පුහුණුවන ගුරු සිසුවියන්ට අසභ්‍ය වීඩියෝ පෙන්වමින් කාලයක සිට ලිංගික අතවර කළ බව කියන එහි කථිකාචාර්යවරයකු අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 04 October 2026
‘‘ටොක්කා‘‘ ඝාතනයට යොදා ගත් ගිනි අවිය රාගම සුසාන භූමියකින් සොයා ගනී රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රන්ජිත් කුමාර නොහොත් කොණ්ඩ රංජි නැමත්තාගෙන් අනාවරණය කර ගත් තොරතුරු මත රාගම බොල් අත ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයා ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය පවසයි. 04 October 2026
අහුන්ගලලේත් වෙඩි තැබීමක් අහුන්ගල්ල ගල්වෙහෙර පදේශයේ අද(4)අලුයම් කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි. 04 October 2026
ඉඳුරුවේදි පොලිසියට වෙඩි තියන්න ගිය පාතාලයට පොලිසියෙන් වෙඩි ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසක සැකකටයුතු පිරිසක් සිටින බවට ලැබුණු තොරතුරක්මත වැටලීමට වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ පොලිස් නිලධාරීන්ට පාතාල ක්‍රියාකාරුවන් දෙදෙනකු වෙඩි තැබීමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමෙන් එක් අයකු තුවාල ලබා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි. 03 October 2026
ඉඳුරුවේ වෙඩි තැබීමක්: අයෙක් රෝහලට ඉඳුරුව අකාඩිගොඩ මීට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කළ බවට තොරතුරු අනාවරණයවූ බව කොස්ගොඩ පොලීසිය කියයි. 03 October 2026
විවෘත වරෙන්තු ලබා සිටි ඥානසාර හිමි අත්අඩංගුවට අභියාචනාධිකරණයෙන් හා මහාධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටිගල තවලම පාරේ ලෙනගිරි ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටියදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි 03 October 2026
රියදුරැ බලපත්‍ර ලක්ෂ හතක් ගොඩ ගැහිලා අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 03 October 2026
ජනාවාස දිනයට පාපැදි සවාරියක් ලෝක ජනාවාස දින 2026 සැමරුම නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශය පාපැදි සවාරියක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. 03 October 2026
දූෂණ විරෝධී කෙටුම්පත විවාදය එන 08 වැනිදා දුෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 08 වැනිදා බ්‍රහස්පතින්දා පැවැත්වේ 03 October 2026
අම්පාර රෝහල ඉදිරිපිට අනතුරින් කතක් මැරු:තුනක් රෝහලට අම්පාර මහා රෝහල ඉදිරිපිට අද (3) පෙරවරු 11.00 ට පමණ ත්‍රී රෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක අනතුරකින් කාන්තාවක මිය ගොස් තවත් තිදෙනකුට තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කළ බව අම්පාර පොලිසිය පවසයි. 03 October 2026
රවාහනයේ වාහන නවයක් අතුරැදන් ප්‍රවාහන අංශයේ වටිනාකම සඳහන් නොවන වාහන නවයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ 03 October 2026
නිවෙසට හෙරෙන් විදුලිය ගත්තැයි කියන සජබ ප්‍රා.මන්ත්‍රිනියට ඇප විල්ගමුව පේරකනත්ත යායදහය ප්‍රදේශයේ නිවසකට වංචනික ලෙස විදුලිය ලබාගත්තේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සජබ මන්ත්‍රීවරියක රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ලග්ගල මහේස්ත්‍රාත් එන් .එස්. ජයසූරිය මහතා නියෝග කළේය. 03 October 2026
කතානායක බංගලාවේ බඩු පොත ගැන අහන්න 08 ක් අල්ලස් කොමිසමට කැඳවයි කතානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අට දෙනෙකුට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 03 October 2026
වෙඩි තැබීම් 41කින්, 23ක් මරු දැකලා මේ වසරේ මුල සිට මේ දක්වා සමස්ත වෙඩි තැබීමේ සිද්ධීන් 41 ක් වාර්තා වී ඇති අතර මියගිය ගණන 23 කි. එම වෙඩි තැබීම්වලින් 21 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි. 03 October 2026
ලංකා මුහුදු සීමාවේ ඇති ඉරාන නැව්වලට උදව් කළොත් සම්බාධක මෙරට විශේෂ ආර්ථික කලාපයේ නැංගුරම්ලා තිබෙන ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දුන් නෞකාවලට සේවය සපයන සමාගම්වල ලංකාවේ නෞකා දෙකක් දෙවැනි වටයේ සම්බාධක හේතුවෙන් අසාදුලේඛනගතවී ඇතැයි ආරංචි මාර්ග අද (02) ප්‍රකාශ කළේය. 02 October 2026
වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ අවි එකතු කළ දෙදෙනෙක් වරද පිළිගනිති පාස්කු ප්‍රහාර එල්ල කළ සහරාන් හෂිම් ඇතුළු ආගමික අන්තවාදීන් සමග එක්ව පුත්තලම වනාතවිල්ලුව ලැස්ටෝස් වත්තේ නීති විරෝධී ආකාරයෙන් ගිනිඅවි ඇතුළු පුපුරන ද්‍රව්‍ය රැස් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් වරද පිළිගැනීමට සූදානම් බව පාස්කු මහණඩුවේ විත්තිකරුවන් සමග චෝදනා ලැබ සිටින අනෙකුත් විත්තිකරුවන් දෙදෙනා එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්හ. 02 October 2026
‘‘කුඩු බට්ටි‘‘ දිවි ඇති තෙක් සිරගෙට තිසරපටේ සඟවාගෙන මක්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ වැල්ලම්පිටියේ කුඩු බට්ටි නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කළාය. 02 October 2026
මහනුවර රෝහලෙන් පැන්න ද්විත්ව ඝාතනයේ සැකකරු යාපනයෙන් මාට්ටු හැටන්, දික්ඔය, ප්‍රදේශයේ වෙළෙදසලක පදිංචිව සිටි අඹුසැමි යුවළක් ඝාතනය කර පවුම් 18 ක් කොල්ලකෑවැයි පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටියදී අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරු යාපනය දුම්රිය නැවතුම් පොළ අසලදී අච අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 02 October 2026
බලශක්ති වෙළඳපොලේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් තියාගන්නවා බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 October 2026
ශිරාන් බාසික් ඇතුළු තිදෙනාගේ නඩුවට දින දෙයි හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (02) නියම කළාය. 02 October 2026
ජපන් මිත්‍රත්ව පාසල 20 වැනි උපන් දිනේ සමරයි කළුතර, කටුකුරුන්ද ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානය (Japan Sri Lanka Friendship Society – JSFS) සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල ආරම්භ කර විසි වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 20 වැනි සංවත්සර සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, පැනරෝමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. 02 October 2026
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පසුගිය දිනක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 02 October 2026
දුමින්දගේ රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධ නඩුව නොවැම්බර් 4 රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 වැනිදා පැවැත්වීමට කොලඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද නියම කළේය. 02 October 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026