මහනුවර රෝහලෙන් පැන්න ද්විත්ව ඝාතනයේ සැකකරු යාපනයෙන් මාට්ටු හැටන්, දික්ඔය, ප්‍රදේශයේ වෙළෙදසලක පදිංචිව සිටි අඹුසැමි යුවළක් ඝාතනය කර පවුම් 18 ක් කොල්ලකෑවැයි පල්ලේකැලේ බන්ධනාගාරයේ රදවා සිටියදී අසනීප තත්ත්වයක් මත බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පලාගිය සැකකරු යාපනය දුම්රිය නැවතුම් පොළ අසලදී අච අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 02 October 2026
බලශක්ති වෙළඳපොලේ ශක්තිමත් රාජ්‍ය පංගුවක් තියාගන්නවා බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්‍ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 02 October 2026
ශිරාන් බාසික් ඇතුළු තිදෙනාගේ නඩුවට දින දෙයි හෙරොයින් මත්ද්‍රව්‍ය ලඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (02) නියම කළාය. 02 October 2026
ජපන් මිත්‍රත්ව පාසල 20 වැනි උපන් දිනේ සමරයි කළුතර, කටුකුරුන්ද ලංකා–ජපාන මිත්‍රත්ව සංවිධානය (Japan Sri Lanka Friendship Society – JSFS) සහ ඊට අනුබද්ධ ශ්‍රී ලංකා–ජපාන මිත්‍රත්ව පාසල ආරම්භ කර විසි වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කළ 20 වැනි සංවත්සර සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර, පැනරෝමා හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. 02 October 2026
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට නුවරඑළිය නගරයේ ඓතිහාසික වටිනාකමක් සහිත නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා පසුගිය දිනක එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 02 October 2026
දුමින්දගේ රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධ නඩුව නොවැම්බර් 4 රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 04 වැනිදා පැවැත්වීමට කොලඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද නියම කළේය. 02 October 2026
විභාග ප්‍රතිඵල ඉක්මනින් නිකුත් කරන්න පාර්ලිමේන්තු කමිටුව මැදිහත් වෙයි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මීට පෙර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කළේය. 02 October 2026
ජෙට් ඉන්ධන නළ මාර්ගයේ - නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ඇරැඹේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) ජෙට් A-1 නළ මාර්ග පද්ධතියද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) අයත් නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙකකද ඉදිකිරීම් ඇරැඹීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කෙරිණි. 02 October 2026
සරණට සරණ වෙන්න ගිය රෙජිස්ටාරුත් අත්අඩංගුවට සිරදඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට අඩු දඬුවම් ලබාදීම සඳහා අල්ලස් ගත්තේ යැයි කියන කොළඹ මහාධිකරණයේ ආරච්චිවරයාට ආධාර අනුබල දෙමින් කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව ලද මිනුවන්ගොඩ දිසා මහේස්ත්‍රාත් අධිකරණ රෙජිස්ටාර්වරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. 02 October 2026
ලබන සතියේ පාර්ලිමේන්තුවේ වැඩ වෙන හැටි පාර්ලිමේන්තුව ඔක්තෝබර් 6 සිට 9 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 02 October 2026
දූෂණ විරෝධී පනත් කෙටුම්පතට ආංශික සභා අනුමැතිය දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමි විය. 02 October 2026
කොළඹ පේරාදෙණිය දුම්රිය ධාවනයට 2025 වසරේ නොවැම්බර් මාසයේ ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ,බරපතළ නායයාම් තත්ත්වයන් ඇති වූ උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා දුම්රිය ධාවනය කටයුතු අද ආරම්භ කෙරිණි. 02 October 2026
සලේට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් දහයකට නොතිසි පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය. 02 October 2026
වාහන අංක තහඩු ප්‍රමාදය ගැන වාර්තාවක් ඉල්ලයි අංක තහඩු සහ රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය පිළිබඳ විමර්ශනයක් සිදුකර සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ආංශික අධීක්ෂණ කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 02 October 2026
බන්දුල අල්ලස් කොමිසමට එයි 2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රි කාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සදහා ප්‍රවාහන හා මහාමාර්ග හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමට අද පෙරවරුවේ පැමිණියේය. 02 October 2026
යුද්ධය අවසන් කරන්න මෝදි ළග අපූරු අදහස් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මැදිහත් වී සිටින අතර, යුද්ධය අවසන් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දරණ උත්සාහය රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පැසැසුමට හේතුවක් වී ඇත. 02 October 2026
ඉන්දීය කැරපාතු පක්ෂය යළිත් වීදි බසී ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂය’ යන නමින් හැඳින්වෙන ක්‍රියාකාරීන්, යළිත් වරක් නවදිල්ලි අගනුවර විරෝධතා ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි. 02 October 2026
වාහනයක් උස්සන්න ආ සීසර්ට බෝතල් ප්‍රහාරයක් ලීසින් වාරික ගෙවා ගැනීමට නොහැකි වූ වාහනයක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එම වාහනයේ හිමිකරුගේ පුත්‍රයා එල්ල කළ බෝතල් හා හිස් වැසුම් ප්‍රහාරයකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 02 October 2026
හමුදා සෙබළා අභිරහස් ලෙස මියගිහින් කුඹුරට යන බව පවසා නිවසින් පිටවී ගොස් ඇති ශ්‍රීලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික සෙබළකු අභරහස් ලෙස මියගොස් තැන්නපංගුව ගමඔය ඉවුරේ තිබී හමුවී ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 02 October 2026
ශ්‍රී ලංකාව සහ සිනොපෙක් සමාගම පසුගිය ජූනි වන තෙක් එකඟතාවයකට ඇවැත් නෑ මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ සිනොපෙක් සමාගමට පසුගිය ජූනි මාසය අවසන් වනවිටත් එකඟතාවයකට එළැඹීමට නොහැකි වී ඇතැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ මෙරට ආයෝජන තත්වය පිළිබඳව නවතම වාර්තාවේ සඳහන් වේ. 02 October 2026
වාහන ආනයනය අඩුවෙලා ශ්‍රී ලංකාව පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලික හා වාණිජ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 189 ක් වියදම් කර ඇති බවත් එය 2025 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව වාහන ආනයන වියදමේ සියයට 24.2 කින් අඩුවී ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි. 02 October 2026
වැඩි මිලට ජල බෝතල් වික්කාට ලක්ෂ 10ක දඩයක් වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කළ බම්බලපිටිය ප්‍රදේශයේ අවන්හලකට රුපියල් මිලියනයක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 01 October 2026
’’ගෙදර රණ්ඩු’’ මට්ටුවට නව නීති ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමේ පනත (Prevention of Domestic Violence Act, No. 34 of 2005) වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සංශෝධන සම්බන්ධයෙන් යෝජනා සලකා බැලීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සිදු විය. 01 October 2026
අහුංගල්ලේදී වෙඩි කෑ ලොකු පැටීගේ මල්ලී පොඩි පැටී මරුට අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී අද සන්ධ්‍යා කාලයේ සිදුවූ වෙඩි තැබීමෙන් පාතාල නායක අහුන්ගල්ලේ ලොකු පැටීගේ මල්ලී මිය ගිය බව අහුන්ගල්ල පොලීසිය තහවුරු කරයි. 01 October 2026
හිටපු ඇමති බන්දුල හෙට අල්ලස් කොමිසමට කැඳවයි හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ හෙට පෙරවරු 9.30ට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 01 October 2026
ලොකු පැටීගේ සහෝදරයකු ඉලක්ක කර අහුංගල්ලේ වෙඩි තැබීමක් අහුංගල්ලේ වැලිකන්ද ප්‍රදේශයේදී නිවෙසකදී සිදු කළ වෙඩි තැබීමකින් ලොකු පැටී නමැත්තාගේ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 October 2026
ටිල්වින්- ඉන්දීය විදේශ ඇමති හමුවෙයි ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය. 01 October 2026
තරුණයන්ට ගැලපෙන රැකියා පුහුණුවට ඩොලර් කෝටි 10ක ණයක් ශ්‍රී ලංකාවේ තරුණයන් 100,000කට වැඩි පිරිසකට රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය පුහුණුව ලබාදීම සහ රටේ පුහුණු ශ්‍රම බලකාය ශක්තිමත් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණයක් ලබාදී තිබේ. 01 October 2026
රේගුවේ ඩිජිටල් අත්සන් ක්‍රියාවලිය ඇරැඹේ ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ක්‍රියාත්මක කිරීම අද ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකා රේගුවේ සුවිශේෂී පරිවර්තනයක් සිදුකරමින් ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය සහ ශ්‍රී ලංකා රේගුව එක්ව ඩිජිටල් අත්සන සහ කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය හඳුන්වා දුන්නේය. 01 October 2026
ආත්ම විශ්වාසය සහිත පරපුරක් හදනවා ළමාවිය මුහුණ දෙන නූතන සමාජ හා තාක්ෂණික අභියෝග හමුවේ දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, මානසික යහපැවැත්ම සහ ආත්ම විශ්වාසය තහවුරු කිරීම ඉතා වැදගත් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය. 01 October 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026