
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතරද අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට මතක ඉන්දියාවෙ හදපු බෙහෙත් පෙත්තක්වත් බොන්න නොදුන් අය තමයි මේ එකට බදාගෙන එකට ඉඳගෙන මේ කතා කරන්නෙ. මේකට තමයි අපේ පැරැන්නො කියන්නෙ කලකදි වහලු කලකදි රස වෙනවලු කියල.