කල්පිටියෙන් කෝටි 150ක මත් පෙති හමුවේ
ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට නීතී විරෝධී ලෙසින් ගෙන්වා, දිවයින පුරා බෙදා හැරීමට සූදානම් කොට තිබූ, වටිනාකම රුපියල් ලක්ෂ 150 ඉක්මවූ මත් කරල් 67,730 ක් සහ ඉන්දියන් බීඩී කොළ කිලෝ තිහක් කල්පිටිය ජන සවිපුර නිවෙසකින් එක් සැකකරුවකු සමගින් 19 වැනිදා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.