තෙල් බෙදීම හරියට කරන්න: අමාත්‍යංශය සමාගම්වලට දන්වයි වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්නැයි සමාගම්වලට දැනුම් දුන් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (06) පැවසීය. 1 hour ago
අල්ලස් සිද්ධියට සරණගේ බිරියගේ ඇතුළු තුනක් යළි රිමාන්ඩ් වසර දාසයක සිර දඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවක් සඳහා අත්හිට වූ දඬුවම් ලබාදීමේ කටයුතු සම්පාදනය කිරීමට අල්ලස් ලබාදීම හා ලබා ගැනීම කළේ යැයි කියන සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 2 hours ago
ශිරන්තිගේ ඇප ඇයැදුම්පතට FCID අධ්‍යක්ෂට නොතිසි රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද නොතිසි නිකුත් කළාය. 2 hours ago
ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. 2 hours ago
ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාට හදිසි සැත්කමක් ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්‍රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ, ප්‍රධාන නියමුවා වන ඉන්දීය ජාතික ස්මිත් මච්චාර්ට ඊයේ (5) තවත් හදිසි සැත්කමක් සිදු කෙරුණි. 2 hours ago
ප්රාග්ධනය එළියට යන සීමා ටික ටික ලිහිල් කරනවා ප්රාග්ධනය රටින් එළියට ගලා යාමට පනවා තිබූ සීමා රටේ ආර්ථිකයේ ප්‍රසාරණයත් සමඟ ක්‍රමානුකූලව ලිහිල් කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2 hours ago
ක්‍රිෂ් ගනු දෙනුවට නාමල් සහ ගීතාංජලී යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක මුදල සාවද්‍ය පරිහරණය කලේ යයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා අල්ලසක් ලබා දුන්නේ යැයි කියන එම සමාගමේ අධ්යක්ෂ වරිය ලබන 16 තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (06) නියෝග කළේය. 2 hours ago
අලුත් ත්‍රස්ත පනත මැතිසබයට ’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා අද (06) ඉදිරිපත් කෙරිණ. 2 hours ago
ඥානසාර හිමි අධිකරණයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 3 hours ago
ඥානසාර හිමි ගිහි ඇදුමෙන් අධිකරණයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි 5 hours ago
මහින්ද කහඳගම අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 7 hours ago
පාර්ලිමේන්තුව අද රැස්වේ:දූෂණ විරෝධී පනත බ්‍රහස්පතින්දා විවාදයට ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ. 7 hours ago
වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකුට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වී තිබේ. 8 hours ago
ශිරන්තිගේ ඇප ඇයදුම අද සලකා බලයි සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕනෑම කොන්දේසියක් යටතේ පූර්ව ඇපයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්තී රාජපක්ෂ මහත්මිය ගොණු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (06) සිදුකිරීමට නියමිතය. 8 hours ago
ශිරන්ති රාජපක්ෂ දිවයිනට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය. 8 hours ago
බන්ධනාගාරයට කුඩු රැගෙන යන අලුත්ම ක්‍රමය සුළු මත්ද්‍රවය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රවය සඟවාගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම් කරුවකු වන’’ මල්ලි පුතා’’ නැමැත්තාට ලබාදීම සඳහා රැගෙන යාමේ අලුත්ම සැලසුමක් අතටම හසුකර ගැනීමට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට හැකි විය. 8 hours ago
රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහලට මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 21 hours ago
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්‍රශ්න කරයි විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 21 hours ago
අයි.එම්.එෆ් 7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය. 21 hours ago
ඥානසාර හිමිට ජම්පරය අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත වැරැදිකරුවීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාමාන්‍ය සිරකරුවකු ලෙස ජම්පරය අන්දවා ඇති බව බන්ධානාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) සේනක පල්ලේතැන්න මහතා ලංකාදීපයට පැවැසීය. 21 hours ago
උණක් නිසා රුහුණු කෘෂි පීඨයේ ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට වෛරස් උණ රෝගී තත්වයක් පැතිර යාම හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ මාපලාන කෘෂි විද්‍යා පීඨයේ අවසන් වසරේ හැර සෙසු වසර වල සිසු සිසුවියන්ගේ අධ්‍යන කටයුතු මාර්ගගත ක්‍රමවේදයට පමණක් සිදු කිරීමට තීරණය කළ බව එම විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඒ.ජයන්ත මහතා පැවසීය. 21 hours ago
ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප ඇයැඳුම් පතක් අධිකරණයට රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රය හෙට (06) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය. 23 hours ago
අලුත් ත්‍රස්ත පනත හෙට මැතිසබයට ’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා හෙට (06) ඉදිරිපත් කෙරේ. 23 hours ago
පවුම් 19ක රන් ඉස්සූ ඉන්දියන් දෙකක් මාට්ටු යාපනය ප්‍රදේශයේ නිවසක තිබූ රුපියල් හැට හත් ලක්ෂ තිස් හත්දහස් පන්සීයක් වටිනා පවුම් 19 1/2 ක් සොරා ගත් බව කියන ලාංකික කාන්තාවක් සහ ඉන්දියන් ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි. 23 hours ago
ජනපතිගේ ඉන්ධන සහනය සමාගම්වලට විතරයි ජනාධිපතිවරයා දෙනවා යැයි ප්‍රකාශ කළ ඉන්ධන සහනය ලැබී ඇත්තේ ඉන්ධන ගෙන්වන සමාගම් වලට යැයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය. 23 hours ago
සිසු විරෝධතා ඔඩුදුවයි: ප්‍රංශයේ පාසල් වැසෙයි ප්‍රංශය පුරා සිසුන් සහ කැරලි මර්දන පොලිසිය අතර පවතින ගැටුම් හේතුවෙන්, උසස් පාසල් 500 කට ආසන්න සංඛ්‍යාවක් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන්ට සිදුවුණු බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එදුවාද් ගෙෆ්රේ මාධ්‍ය හමුවේ අවධාරණය කළේය. 23 hours ago
2026 වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග 2026 වසර සඳහා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රකාශයට පත් කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. අද (5) දින පළමුවෙන්ම ප්‍රකාශයට පත් කෙරුණේ වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන්නේ කවුරුන්ටදැයි යන්නය. 23 hours ago
ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ. 23 hours ago
ඉන්දියාවෙන් ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සපයන්න ගිවිසුමක් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට කොළඹ දී අද අත්සන් තැබීය. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය. 05 October 2026
අත්සන් ව්‍යාපාරය අස්සේ සිවිල් බුද්දි පෙරමුණ පොලිසිය ගැටෙයි මෙරට පවත්වා ගෙ යන මුුල්‍ය සමාගමි තහනමි කිරිමට ශ්‍රී ලංකා මහා බැංකු අධිපතිවරයා ගත් තිරණයට එරෙහිව අත්සන් ලබා ගැනිමෙි ව්‍යාපාරයක් අද නිදහස් චතුරශුයේදි පැවැත්වුණා. 05 October 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026