(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සුළු මත්ද්‍රව‍ය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රව‍ය සඟවාගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව‍ය ජාවාරම් කරුවකු වන" මල්ලි පුතා" නැමැත්තාට ලබාදීම සඳහා රැගෙන යාමේ අලුත්ම සැලසුමක් අතටම හසුකර ගැනීමට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට හැකි විය.

එම සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් 60 කට අධික ප්‍රමාණයකට අඩංගු කර තිබූ ගෑම් 33 ක් , හොරයින් මත්ද්‍රව‍ය ග්‍රෑම් 05 ක් හා දුම් වැටි 05 ක් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ ගල්කිස්ස බඩෝ විට දෙවන අදියරේ පදිංචි 57 හැවිරිදි පුද්ගලයෙකි.

ගල්කිස්ස ටෙම්පල් පාරේදී 04 වෙනිදින අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 60 ක් සමග පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සියලු ලිපි ලේඛන සූදානම් කර තිබියදී ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාගේ ජංගම දුරකථනයට ලද තොරතුරකින් කියවී ඇත්තේ එම පුද්ගලයා ශරීරයේ ගුද මාර්ගයේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරය වෙත රැගෙන යාමේ සූදානමක් පවතින බවය.

වහා සිය නිලධාරීන් කැඳවූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත රැගෙන යාම පසෙකලා කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ස්කෑන් පරීක්ෂණයකට යොමු ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව‍ය අඩංගු කරල් දෙකක් වැනි උපකරණ දෙකක් සැකකරුගේ ශරීර අභ්‍යන්තරයේ පෙන්නුම් කරන බවය.