
(මනෝප්රිය ගුණසේකර)
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධිත ශ්‍රී රාගල මහතා හමුවේ අදාළ නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදි බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර සිරකරුවන් අඳින සුදු පැහැති ඇඳුමකින් සැරසී උන්වහන්සේ අධිකරණයේ පෙනී සිටියහි.
2014 අප්‍රේල් 12 වැනිදා කොළඹදී ආගමක් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් එම ආගමේ විශ්වාෂ වලට නින්දා කළ බවට නීතීපතිවරයා උන්වහන්සේට එරෙහිව චෝදනා නඟා ඇත” දණ්ඩ නිති සංග්‍රහයේ 219 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවටද නීතීපතිවරයා වැඩිදුරටත් චෝදනා නඟා ඇත.
අදාළ චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් තිදෙනෙකු සහ නඩු භාන්ඩ 13ක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතීපතිවරයා සඳහන් කර ඇත” නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුව ලබන 23 වැනිදා යළි කැඳවිමට නියම කළ විනිසුරුවරයා විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
(ඡායා ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන කලට පව් මිහිරිය මී සේමා, විදින කලට දුක දැඩි වෙයි ගිනි සේමා
“ඥානසාර හිමි” වෙන්නේ කොහොමද?