මූල්‍ය අරමුදලෙන් මේ මාසයේ ඩොලර් මිලියන 700ක් විදෙස් විනිමය ඉහළ ගියත් ඒ තත්වය කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිම ගැටළුවක් නැතැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 May 2026
අගමැතිනිය - එක්සත් රාජධානි අධ්‍යාපන රාජ්‍ය ලේකම් හමු වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර එරට අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Rt Hon. Bridget Phillipson) මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය. 21 May 2026
අධිභාරයට කලින් වාහන 4000කට එල්සී අැරලා ආනයන වාහනවලට අධිභාරය ගහන්න පෙර ජනපතිගේ ගජ මිතුරන් වාහන හාරදාහකට ණය වර ලිපි විවෘත කරගෙන ඇතැයි සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 May 2026
අගමැතිනිය ඔක්ස්ෆර්ඩ් සරසවිය අමතයි එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති ’’2026 OSGA වාර්ෂික දේශනය’’ (2026 OSGA Annual Lecture) සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූවාය. 21 May 2026
සයිබර් අපරාධ වැඩිවෙලා සයිබර් අපරාධ වැඩිවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 May 2026
’’මම පිල්ලෙයාන් හමුවෙන්න ගියා’’ බන්ධනාගාරගතව සිටියදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්‘ හමුවීමට තමා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 21 May 2026
ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර ක්‍රමයක් අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සහාය දැක්වීමක් ලෙස මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී ඇත. 21 May 2026
පොලිසියේ පහක් අත්අඩංගුවට මීට තුන් වසරකට ඉහතදී කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් කෝටි 10 කට අධික වටිනා රත්තරන් කිලෝ ගෑම් 02 කට අධික ප්‍රමාණයක් කොල්ලකෑම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 21 May 2026
ගුරුවරුන් තුන්දහසක් අලුතින් බඳවා ගනී උපාධිධාරී ගුරුවරුන් 3,000ක් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය මෙම 24 වන පවත්වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්ත මහතා පැවසීය. 21 May 2026
සංචාරකයන් 2380 ක් රැඟත් මගී නැවක් කොළඹට සංචාරකයින් 2380 දෙනකු රැගත් Mein Schief 6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාව කොළඹ වරායේ ECT ජැටියට පැමිණි බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය කියයි. 21 May 2026
ලොරිය අඩි 200ක් පහළට: රියදුරු -සහයක රෝහලේ තලවකැලේ ළිදුල ෆාමස්ටන් වතුයායේ තේ දළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් එම වතුයාය තුලදීම මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම ලොරි රථයේ ගමන් ගත් රියදුරා සහ රිය සහයකයා බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. 21 May 2026
වෙසක් සතියේ බලශක්ති සීමා ලිහිල් කරයි රජය පැනවූ බලශක්ති සීමා වෙසක් සතිය වෙනුවෙන් ලිහිල් කරන බව බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කිරීමේ අවසාන සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කෙරිණි. 21 May 2026
අයවැය යෝජනා නවයක් අද විවාදයට ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතු 21 May 2026
කන්ටේනර් කමිටුව රේගුවේ හිටපු තවත් ලොක්කෙකුගෙන් ප්‍රශ්න කරයි කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකාවේ රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්යක්ෂවරයෙකුගෙන් ඊයේ (20) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත්තේය. 21 May 2026
ජනවාරියේ රාජ්‍ය සේවක වැටුප් වැඩි වීමක් ලබන ජනවාරි මාසයේදී රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සිදු වෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මඩකලපුවේදී පැවසීය. 20 May 2026
චාමරට අමතර ඇපය දෙන්න අලගියවන්න ඉදිරිපත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විදේශගත වීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මගින් නියම කළ අමතර ඇපය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත්වි ඇත. 20 May 2026
ඇල්ලෙන් පහළට වැටුණ තරුණයා රෝහලට බණ්ඩාරවෙල අඹදන්ඩේගම කලුවල දියඇල්ලේ මිතුරන් පිරිසක් සමග අද (20) පස්වරුවේ දියනෑමට ගිය තරුණයකු දියඇල්ලේන් පහලට ඇදවැටී බරපතළ තුවාල ලබා දියතලාව රෝහලට ඇතුලත් කල බව ලියන්ගහවෙල පොලිසිය පවසයි . 20 May 2026
අපි යුද්ධ කළේ දමිළ ජනතාව එක්ක නොවේ අපි සටන් කළේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමග නොවේ යැයි පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2026
ධීවර සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරුවරයාට ඇප තංගල්ල ධීවර වරාය ජැටිය අලුත් වැඩියා කිරීමේ ටෙන්ඩරය නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සීය මස්සිනාට ලබාදී රජයට පාඩුවක් කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සහකාර ඉංජිනේරු ඇපමත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියන් වරුෂවිතාන මහතා අද (20) නියෝග කළේය. 20 May 2026
කුඩා-මධ්‍ය ව්‍යවසාය ගොඩනගන්න කවුන්සිලයක් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම පිණිස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 May 2026
ජනපති අයවැය රහසක් කියයි ග්‍රාමීය මාර්ග ඉදිකිරීම, පානීය ජල සැපයුම සහ කැළි කසළ ගැටලුව විසඳීමට ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 20 May 2026
රට විරු දරුවන්ට මසකට දහදාහක් විදේශ රැකියාවල නියුතු මවිපියන්ගේ වයස අවුරුදු 2-13 අතර වන දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සිටී නම් ඔවුන්ට මසකට රු. 10,000 ක දීමනාවක් ගෙවීමට තීරණය කළ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පැවසූහ. 20 May 2026
ඉරාන තෙල් නැවක් ඇමෙරිකානු හමුදා අත්අඩංගුවට ඉරානයට සම්බන්ධ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉන්දියන් සාගරයේදී ඇමෙරිකානු හමුදාව අත් අඩංගුවට ගෙන ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. 20 May 2026
භූත ගුහා - හොල්මන් මන්දිර වෙසක් වලට බෑ මෙවර වෙසක් උත්සවයේදී භූත ගුහා සහ හොල්මන් මන්දිර සංවිධාන කළහොත් ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 20 May 2026
ශානිට පැනවූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සහ එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා වළකාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූනි 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය. 20 May 2026
අනුර - සුමන්තිරන් මඩකලපු පුස්තකාලය එකට විවෘත කරති මඩකළපුව මහනගර සභාවේ මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අතින් අද (20) පෙරවරුවේ විවෘත කෙරිණි. 20 May 2026
අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ලෝක පිළිගැනීමක් අංගොඩ ජාතික බෝ වන රෝග විද්‍යායතනයට (National Institute of Infectious Diseases - NIID) ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සුවිශේෂී පිලිගැනීමක් ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 20 May 2026
සුව ඇමති ජිනීවා හිදී බංගලි - භූතාන ඇමතිවරුන් හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා බංගලිදේශයේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන රාජ්‍ය අමාත්‍ය M.A. Muhit සහ භූතානයේ සෞඛ්‍ය අමාත්‍ය Tandin Wangchuk යන මහත්වරුන් හමුවී විශේෂ ද්වි පාර්ශවීය සාකච්ඡා පැවැත්වීය. 20 May 2026
මැකෝ හෙට මැතිසබා කමිටුවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කර අැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා අැත 20 May 2026
ලංකා ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉක්මවා ගිහින් ශ්‍රී ලංකා ආර්ථිකය ඩොලර් බිලියන සියය ඉක්මවා ගිහින් තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී සුනිල් රාජපක්ෂ මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026