(අංජුල මහික වීරරත්න)
රජය පැනවූ බලශක්ති සීමා වෙසක් සතිය වෙනුවෙන් ලිහිල් කරන බව බුද්ධ රශ්මි වෙසක් කලාපය සංවිධානය කිරීමේ අවසාන සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කෙරිණි.
බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීය.එහිදී බුද්ධ රෂ්මි වෙසක් කළාපයේ සංවිධාන කටයුතු සහ වෙසක් කාලයේ බලශක්ති භාවිතය පිළිබඳ සාකච්ඡා කෙරිණි.
ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මගින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව මෙහිදී දැනුවත් කළ අතර වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද මෙහිදී සිදුවිය.
පවතින අර්බුදය හේතුවෙන් පෙර වසරවලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇති ඇත.
හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් මෙහිදී පැවසූයේ අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය කටයුතු කර තිබෙන බවයි.
මෙවර වෙසක් කලාපය රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බවද අස්සජි නාහිමියෝ කීහ. මෙම සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා බලශක්ති අමාත්‍යාංශය , ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරන නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd