(අංජුල මහික වීරරත්න)

උපාධිධාරී ගුරුවරුන් 3,000ක් බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය මෙම 24 වන පවත්වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්ත මහතා පැවසීය.

දේශපාලන මැදිහත්වීම් වලින් තොරව, විභාග ලකුණු සහ සුදුසුකම් මත පමණක් පදනම්ව ගුරුවරුන් බඳවා ගැනීමේ නව සංස්කෘතියක්  රජය ආරම්භ කර තිබෙන බවද අමාත්‍යවරයා කීය

එමෙන්ම ගුරු සහ විදුහල්පතිවරුන්ගේ මූලික වැටුප සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට ද රජය පියවර ගෙන තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

අනාගත ලෝකයට ගැලපෙන "සුහුරු පුරවැසියකු  නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් මහාචාර්ය චන්දන අබයරත්ත මහතා, දිවයිනේ සෑම පාසලකම අවම වශයෙන් එක් ස්මාර්ට් පන්ති කාමරයක් (Smart Classroom) බැගින් ස්ථාපිත කිරීමේ ඩිජිටල් හා තාක්ෂණික සංවර්ධන වැඩසටහන මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින බවද අවධාරණය කළේය.

අමාත්‍යවරයා මේ බව කීවේ වීරපුර විද්‍යාලයේ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවය අමතමිනි.