(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදෙස් විනිමය ඉහළ ගියත් ඒ තත්වය  කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිම ගැටළුවක් නැතැයි කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700ක් මේ 27 වැනි දා ලබා දෙනු ඇතැයි අප සිතනවා.ආසියා සංවර්ධන බැංකුවෙන් මේ වසරේ දී ඩොලර් මිලියන 480ක් දක්වා ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා.ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් එහි අනුශාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50 කුත් ලැබෙනවා.ඒ අනුව විදෙස් විනිමය කළමනාකරණය කරගන්න අපට කිසිම ගැටළුවක් වන්නේ නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.