මැතිසබේ ලොකු දෙදෙනෙකුගේ ’’ගෙවල් වාර්තාව’’ ඉල්ලයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට අද තවත් අයදුම්පතක් යොමු කළහ. 22 May 2026
සුදු මැස්සා මල් කන්ටේනර් ගැන කෘෂි අධ්යක්ෂ කරුණු කියයි රටින් ගෙනා මතභේදයට තුඩු දුන් සුදු මැස්සා සහිත මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ කෘෂිකර්මාන්තයට අහිතකරවන ලෙස පිටතට යැවීමක් සිදුවී නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 22 May 2026
ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට මුහුණ පාමින් සිටින අතර, එනිසා ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතින නිසා ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04 කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් , ඒ සදහා කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසත් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා 05/22 දින පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී. 22 May 2026
සුව ඇමති ජිනීවා ඒ.අයි සැසිය අමතයි කෘත්‍රිම බුද්ධිය (AI) සෞඛ්‍ය ක්ෂේත්රය ගෝලීය වශයෙන් වේගවත් පරිවර්තනයකට ලක් කරමින් සිටින පසුබිමක එහි සාර්ථකත්වය සම්පුර්ණයෙන්ම රඳා පවතිනුයේ ශක්තිමත් පාලන පද්ධතියක්, මහජන විශ්වාසය, සදාචාරාත්මක අධීක්ෂණය සහ නිසි නීතිමය රාමුවක් මත යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 22 May 2026
විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායකගෙන් කරපු ඉල්ලීම ආර්ථික අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර අැත 22 May 2026
රුපියල වැටීමෙන් මිනිසුන් කලබල වෙලා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ආරම්භවීමත් සමග විදේශ විනිමය අනුපාතය රටක ආර්ථිකය, ප්‍රගතිය සහ සියලුම දේ මනින එකම නිර්ණායකය ලෙස සාවද්‍ය තොරතුරු සමාජගතවීමත් සමග ඉන් ක්ෂේත්රයේ නිරතවී සිටින පාර්ශ්ව මෙන්ම සාමාන්‍ය ජනතාවද කලබලයට, බියට පත්වූ බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 22 May 2026
වසර නවයකට පසු කතෝලික සභාව රැස් වේ කතෝලික සභාව සහ රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 22 May 2026
විස මතට එරෙහි තරුණයෝ පාරට බසිති ජාතික තරුණ දිනය වෙනුවෙන් ’’Say No’’ -අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා’’ යන තේමාවෙන් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පාගමන් 25ක් හෙට පැවැත්වෙි. 22 May 2026
සෙස් පැල් කැපීමට සජිත්ගෙන් රතු එළියක් සෙස් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය තීරණය කර ඇති හෙයින් බදු එකතු කර ගැනීමේ රජයේ නව වැඩපිළිවෙළ කුමක්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය. 22 May 2026
සහාධිපත්‍ය අධිකාරියේ නිලධාරී පුරප්පාඩු පුරවයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පුරප්පාඩුව පැවති තනතුරු 38 ක් සඳහා බඳවා ගැනීම නාගරික සංවර්ධන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි. 22 May 2026
රුපියල වැටීම: මුදල් නියෝජ්‍ය ඇමැතිගෙන් ප්‍රකාශයක් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපලයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. 22 May 2026
කැනඩා යවන බව කියා මුදල් ගැරූ කුච්චවේලි තරුණයා දැලේ රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නියෝජිතයකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ පුද්ගලයකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ. 22 May 2026
අගමැතිනිය පොදු රද මඬුලු මහලේකම්වරිය හමු වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ජාතීන්ගේ මහලේකම් ෂර්ලි අයෝර්කෝර් බොච්වේ මහත්මිය හමුවිය. 22 May 2026
හෙළිකොප්ටර් නඩුවෙන් තාඹුගල නිදහස් හෙලිකොප්ටරයක් මිලදී ගැනීමේ දී රුපියල් කෝටි 07 ක් වංචා කළේ යැයි පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවරු නඩුවේ කෝටිපති ව්‍යාපාරික ,අවුරා ලංකා සමාගමේ සභාපති ව්‍යාපාරික විරංජිත් තාබුගල නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (22) නියෝග කළාය 22 May 2026
අර්බුදය කළමනාකරණය කරන ශක්තිය රජය සතුයි මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇතිව තිබෙන අර්බුදය කළමනාකරණය කර ගැනීමේ ශක්තිය රජය සතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 22 May 2026
කැලණි මිටියාවතේ පාසල් ගැන තීරණයක් සුළු ගංවතුර තත්වය හේතුවෙන් කැලණි මිටියාවතේ පාසල් ගණනාවක් වසා දැමෙනු ඇතැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනෙවිරත්න මහතා පැවසීය. 22 May 2026
නොරොච්චෝලේ පරිසර විනාශය හොයන්න අනුකාරක සභාවක් නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම් සොයා බැලීම සහ ඒ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනුකාරක සභාවක් පත් කර අැත 22 May 2026
රුපියල පහළ යෑමෙන් ගැටලුවක් නෑ රුපියල පහළ යෑමෙන් ගැටළුවක් ඇති නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 22 May 2026
ඇහැලියගොඩ පොලීසියත් ජලයෙන් යටවෙයි ඇහැලියගොඩ ප්‍රදේශයට ඇදහැලුණ තද වර්ෂාවෙන් පසු ඇහැලියගොඩ පොලිස්ථානය හා නිලධාරීන්ගේ නේවාසිකාගාරයඅද(22) ජලයෙන් යට වී ගියේය. 22 May 2026
නායක හමුවකට විපක්ෂයේ ඉල්ලීම ආණ්ඩුව විසිකරයි ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා කළ ඉල්ලීමක් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කළේය. 22 May 2026
රත්නපුරටත් ගංවතුර අවදානමක් රත්නපුර දිස්ත්‍රික්කයේ ඉහළ කදුකර ප්‍රදේශවලට ඇදහැලුණු ධාරණිපාත වැසි නිසා, ප්‍රධාන ගංගා සහ ඇලදොළවල ජලමට්ටම් ඉහළ ගොස් ප්‍රදේශ රැසක් 22දා උදෑසන වන විට ජලයෙන් යටවිය. 22 May 2026
බෙල්ල කපා පිළිරුවේ එල්ලීමේ ප්‍රධාන සැකකරු අල්ලයි අම්බලන්තොට මාමඩල බොකුට යාය ප්‍රදේශයේදී පුද්ගලයකුගේ ගෙල කපා එය රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක එල්ලා තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකරන කරුණෙ ලොක්කා නමැති සැකකරු මාමඩල ප්‍රදේශයේදී (21) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අම්බලන්තොට පොලිසිය කියයි. 22 May 2026
වාහන අංක තහඩු ජුනි 30 පෙර ගෙනියන්න මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව 2023 සහ 2024 වසරවල මුද්‍රණය කළ ද වාහන හිමිකරුවන් මෙතෙක් ලබා නොගත් වාහන අංක තතහඩු මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නාරාහෙන්පිට ප්‍රධාන කාර්යාලයෙන් හෝ අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෝටර් රථ දෙපාර්තමේන්තු ශාඛාවෙන් ලබන ජුනි මස 30 වැනිදාට පෙර ලබාගත යුතු බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 22 May 2026
ඉක්මනින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන්න වහාම ’සර්ව පාක්ෂික සමුළුවක්’ කැඳවන්නැයි රජයට බල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි. 22 May 2026
ආහාර ද්‍රව්‍ය 20 කට මිල පරාසයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සතියකට වරක්ම නිකුත් කරන තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල ඇස්තමේන්තු මිල පරාසය ප්‍රසිද්ධ කර තිබේ. 22 May 2026
විදෙස් විනිම වෙළෙඳපොළ විෂම චක්රයක ලංකාවේ විදේශ විනිමය වෙළෙඳපොළ විෂම චක්‍රයකට හසු වී ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 May 2026
ඇත් දළ ජෝඩුවක් සමඟ තිදෙනකු අල්ලයි රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට විකුණන්න ගිය ඇත්දළ ජෝඩුවක් සමඟ සැකකරුවන් තිදෙනෙකු මැදවච්චිය පොලිස් වසමේ වයි හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවට උතුරු මැද පළාත් පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි. 22 May 2026
බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා අනිත් අයට මඩ ගහන බොරු කියන දේශපාලන ලෝකය තිත්ත වෙලා තිබෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවසූහ. 22 May 2026
දිස්ත්‍රික්ක 6ක ප්‍රා.ලේ කොට්ඨාස 16 කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙකකට රතු නිවේදන ඇතුළුව දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 ක් සඳහා පළමු, දෙවන සහ තෙවන මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (22) පෙරවරුවේ නිකුත් කර තිබේ. 22 May 2026
හිටපු මන්ත්‍රීලා හයකගේ ශෝක විවාදය අද අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ. 22 May 2026
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026