
(සුජිත් හේවාජුලිගේ)
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමට ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් හෝ වැරදි තීරණයක් නොව මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් හටගත් ගෝලීය අර්බුදයක ප්‍රතිපලයක් බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.
ගෝලීයව මතුවූ අර්බුද හේතුවෙන් ඉන්ධන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යාම, ගෑස් සහ පොහොර මිල ගණන් මෙන්ම නාවික සහ රක්ෂණ ගාස්තුද සීඝයෙන් ඉහළ ගිය බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලය තුළ ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල මෙන්ම අපනයනය කරන භාණ්ඩවලට ඩොලර් මිල වෙනස් වූ බවත් පැවසූ අමාත්‍යවරයා අපනයන කරන භාණ්ඩවල ඩොලර් මිලට වඩා ආනයනය කරන භාණ්ඩවල ඩොලර් මිල ගණන් ඉහළ යාමද මෙරටට ප්‍රධාන වශයෙන් බලපෑ බවද සඳහන් කළේය.
තවද ගෝලිය වශයෙන් ඩොලරය ස්ථාවර කර ගැනීම සඳහා මෙන්ම ඩොලරයට වැඩි ප්‍රතිලාභයක් ලබා දීමට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ඩොලර් සඳහා ඉල්ලුම වැඩිවී ඩොලරයට ආයෝජන විතැන්වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවත් මේ හේතුවෙන් අනෙකුත් මුදල් ඒකකයන්ට සාපේක්ෂව ඩොලරය ශක්තිමත් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd