(අංජුල මහික වීරරත්න)

වහාම 'සර්ව පාක්ෂික සමුළුවක්' කැඳවන්නැයි රජයට බල කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

රුපියලේ අගය කඩාවැටීම සහ පිරිවැය පීඩනය හමුවේ ජනතාව තවදුරටත් අසරණ වීමට ඉඩ දිය නොහැකි බව හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

රට නැවතත් ගමන් කරමින් සිටින අනතුරුදායක ආර්ථික ගමන්මග පිළිබඳව අවධානය යොමු කර ඊට හදිසි ජාතික විසඳුම් සහ ප්‍රතිපත්තිමය එකඟතාවන් සකස් කරගැනීමට මෙම සර්ව පාක්ෂික හමුව කැඳවිය යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පවසන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කැඳවන ලද විපක්ෂයේ ඒකාබද්ධ හමුවට සහභාගී වීමෙන් අනතුරුව සිය ⁣ෆේස්බුක් ගිණුමෙි සටහනක් තබමිනි.