(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ දිනය වෙනුවෙන් "Say No" -අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා" යන තේමාවෙන් දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් පාගමන් 25ක් හෙට පැවැත්වෙි.

හෙට (23) දිනට යෙදී ඇති ජාතික තරුණ දිනය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව සහ Youth Club ජාතික සම්මේලනය එක්ව මෙම පාගමන් සහ රැළි 25ක්  පැවැත්වීමට නියමිතය. 

මෙහි ජාතික වැඩසටහන මහරගමදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා සහ youth Club කොළඹ දිස්ත්‍රික් නායකයින් සහ ජාතික සම්මේලනයේ  නායකයින් සහභාගී වීමට නියමිතව ඇත.

සෙසු දිස්ත්‍රික්ක වල පැවැත්වෙන පාගමන් සඳහා ද එම දිස්ත්‍රික්ක වල තරුණ නායකයෝ සහ තරුණ තරුණියෝ සහභාගී වෙති.