
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ නිල සංචාරය අතරතුර එරට අධ්‍යාපන රාජ්‍ය ලේකම් බ්‍රිජට් පිලිප්සන් (Rt Hon. Bridget Phillipson) මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූවාය.
ආයතනික හවුල්කාරිත්වයන් පවත්වාගෙන යාම, උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහතික කිරීම සහ සිසුන් මෙන්ම අධ්‍යාපනඥයින් සඳහා අවස්ථා පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර අධ්‍යාපන ක්ෂේත්‍රය හරහා පවතින දිගුකාලීන හා ඓතිහාසික සහයෝගීතාව යළි තහවුරු කරමින් ඒකාබද්ධ වැඩසටහන් සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දෙපාර්ශ්වයේ අවධානය යොමු කෙරිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd