
(මනෝප්‍රිය ගුණසේකර)
පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සහ එම ඝාතන සිද්ධිය පිළිබඳ විමර්ශන කිරීමෙන් රහස් පොලිසියේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා වළකාලමින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය ජූනි 02 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (20) නියෝග කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන මහතා ඇතුළු සිව්දෙනකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගය එලෙස දීර්ඝ කරනු ලැබීය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්.ගුරුසිංහ සහ සුමුදු ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුගෙන් සමන්විත විනිසුරු මඩලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජනක නන්දන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී ඇසලම් ද සීල්වා ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් ශාන්ත ඇතුළු පිරිසක් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් නම් කර ඇත.
නීතිඥ රම්සි බාචා නීතිඥ සමාගම මගින් ගොනුකොට පෙත්සම සඳහන්වේ කොළඹ අපරාධ කොට්ඨාශ අත්අඩංගුවේ සිටියදී මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ මරණය සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසිය යළි විමර්ශන ආරම්භ කර ඇති බවත් රහස් පොලිස් අධ්‍යක්‍ෂවරයා මීට පෙර අවස්ථාවක සියාම් ඝාතන නඩුවේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බවට කරුණු සඳහන් වු බවත් පවසන පෙත්සම්කරුවෝ ඔහු යටතේ මෙම විමර්ශන කිරීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ සේවය කළ ජේ්‍යෂ්ඨ නිලධාරීන් වන තමන්ට අගතියක් වන බවත් සඳහන් කර ඇත.
එම තත්වය යටතේ කුමන මොහොතක හෝ තමන් අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති හෙයින් මෙම සිද්ධියට අදාළ විමර්ශන රහස් පොලීස් අධ්‍යක්ෂවරයා යටතේ පැවැත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු රහස් පොලීසියෙන් ඉවත් කිරීමට නියම කරන්නැයි ඉල්ලා සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ රම්සි භාචා නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ සහ නාමික් නෆර්ාත් මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ අලි සබී්‍ර මහතා පෙනී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd