(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සයිබර්  අපරාධ වැඩිවෙමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල  මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඒ  සම්බන්ධයෙන් පැමිණිලි වැඩි වී ඇති බවද ඔහු කීවේය.

මහා බැංකුවේ මූල්‍ය බුද්ධි  ඒකකය සමඟ සම්බන්ධවී  සයිබර් අපරාධ මැඩලීමට  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන  බව කී  අමාත්‍යවරයා  ශ්‍රී ලංකා පොලිසිය මේ ගැන විශේෂ අවධානය යොමු කර ඇතැයි ද සඳහන් කළේය.