(අංජුල මහික වීරරත්න)

සංචාරකයින් 2380 දෙනකු රැගත් Mein  Schief  6 නම් වූ සුඛෝපභෝගී මඟී නෞකාව කොළඹ වරායේ  ECT ජැටියට පැමිණි බව වරාය හා නාවික  කටයුතු අමාත්‍යාංශය කියයි.

මෝල්ටා (Malta) ධජය යටතේ යාත්‍රා කරන මෙම නෞකාවේ 951ක කාර්ය මණ්ඩලයක් සේවය කරති. දිගින් මීටර් 295ක් සහ පළලින් මීටර් 42ක් වන Mein  Schief  6 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

 මැදපෙරදිග යුද වාතාවරණය නිසා සංචාරකයින්ගේ පැමිණීම යම් පසුබෑමකට ලක් වුවද මෙවැනි සංචාරකයින් විශාල ප්‍රමාණයක් රැගත් නෞකා මෙරටට පැමිණීමෙන් ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රය නැවත සක්‍රීය වීමේ සුබ ලකුණක් පහළ වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් සංස්කෘතික කලා සංදර්ශන ප්‍රදර්ශනය කරමින් පිළිගැනීමට අදාළ සංචාරක සමාගම් විසින් කටයුතු සම්පාදනය කර තිබිණි.