(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපි සටන් කළේ එල්.ටී.ටී.ඊ  ත්‍රස්තවාදීන් සමඟ මිස දමිළ ජනතාව සමග නොවේ යැයි පොදු ජන පෙරමුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වසර තිහක් පැවති යුද්ධය අවසන් කරලා මේ වන විට වසර දාහතක් වෙනවා.ඒ යුද ජයග්‍රහණයට මේ රටේ විශාල පිරිසක් කැපවීම් කළා.රණවිරුවා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය වගේම මෙරට දමිළ සිංහල හින්දු ඒ වගේම හැම වර්ගයාම නියෝජනය කරමින් පුරවැසියන් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල කැපවීමක් කළා.

 අද සමහරුන්ට රණවිරුවන්ට රණවිරුවා කියාගන්න බැරි වුනාට ඒ ඔවුන් කරපු කැප කිරීම නිසා බහුතරය  නිදහසේ ඉන්නවා යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.