බෙහෙත් හදිසියේ මිලදී ගැනීම නවතී ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නතර කිරීමට සෞඛ්ය හා කර් මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා අද (1) පියවර ගත්තේය. 01 November 2023
දිනේෂ් ෂාෆ්ටර් මරා දමලා ජනශක්ති සමූහ ව්යාපාරයේ අධ්යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ගෙල සහ මුහුණ මත ඇති කළ පීඩනයක් හේතුවෙන් සිදුවූ අපරාධයක් බව කොළඹ අතිරේක මහේස්ත්රාත් රජීන්ද්රා ජයසූරිය මහත්මිය එම මරණ පරීක්ෂණයේ තීන්දුව ප්රකාශයට පත් කරමින් අද (31) ප්රකාශ කළාය. 01 November 2023
මහල් නිවාස අයිතිය සින්නක්කරව දෙන්න කැබිනට් පත්රිකාවක් මහල් නිවාස වල පදිංචිව සිටි මුල් අයිතිකරුවන්ගේ දරුවන් වෙත ඒවායේ සින්නක්කර අයිතිය පැවරීමට ඇති හැකියාව සොයා බලන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග මහතා අමාත්යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 01 November 2023
බෙහෙත් ගන්න ගිය මව වන අලි පහරින් මරුට සිය පුත්රයා සමග යතුරු පැදියෙන් ප්රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්රදශයේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි. 01 November 2023
සෞඛ්යයට කෝපා අනුකමිටුවේ අප්රසාදය දූෂණ වංචා සහ අක්රමිකතාවලට වගකිවයුතු සෞඛ්යය සේවකයන්ට දැඩි ක්රියාමාර්ග කඩිනමින් ගැනීම ප්රමාද කිරීම සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ පරිපාලනය ගැන කරුණු සොයා බැලීමට පත් කෙරුණු රාජ්ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනු කමිටුව දැඩි අප්රසාදය පළ කළේය. 01 November 2023
ගුවන් සේවයට ටෙන්ඩර් කැඳවයි ශ්රීලංකන් ගුවන් සේවයට ආයෝජකයකු සොයා ගැනීම සඳහා (ප්රතිව්යුහගතකරණය) ටෙන්ඩර් කැඳවා ඇත. 01 November 2023
වෘත්තීයවේදීන්ගේ විරෝධතාවෙන් කොටුව අවට මාර්ග තදබදයක් කරුණු 5 ක් මුල් කරගනිමින් දැවැන්ත විරෝධතා උද්ඝෝෂණයක් කොළඹ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්රධාන කාර්යාලය ඉදිරිපිටදී අද(31) පැවැත්වූ බව ලංකා විදුලි සේවක සංගමය ප්රකාශ කළේය. 01 November 2023
දුම්රිය සැප පෙට්ටියේ තඹ කම්බි කැපූ අයෙක් මාට්ටු දෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ නවතා තබන ලද පළමු පන්තිය වායුසමීකරණය කරන ලද දුම්රිය මැදිරියක විදුලි ජනක යන්ත්රයට සවිකර ඇති තඹ කම්බි මීටර් 1008 කපා සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි 01 November 2023
අනතුරින් දෙදරු පියා මරුට මිතුරා ගේ විශ්රාමික සාදයට ගොස් යලි රැකියා ස්ථානය කරා පැමිණෙමින් සිටි දෙදරු පියෙකු සේවය කරන කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි කන්ටේනර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි 01 November 2023
ඉරාන ක්රියාකාරිනිය බන්ධනාගාරයේ සිට ලිපියක් යවලා මෙම 2023 වසරේ නොබෙල් සාම ත්යාගයෙන් පිදුම් ලැබූ, ඉරාන මානව ක්රියිකාරිනී නර්ගේස් මොහොමදී, තෙහෙරාන් අගනුවර එවින් බන්ධනාගාරයේ සිට, රහසේ නොබෙල් කමිටුවට ලිපියක් යවා සාම ත්යාගය පිරිනැමීම සම්බන්ධයෙන් ස්තුති කර ඇතැයි විදෙස් මාධ්ය පවසයි. 01 November 2023
පොලීස් අණ නොතැකූ උද්ඝෝණයේ 6 ක් අත්අංඩගුවට අනීතික විදුලි බිලට එරෙහිව සංවිධාන කිහිපයක් එක්ව අද( 1) දිවුලපිටිය නගරයෙන් ආරම්භ කල පාගමන නගර සීමාවේදීම නතර කිරීමට පොලිසිය පියවරගත් අතර භික්ෂූන් වහන්සේ නමක කාන්තාවක ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. 01 November 2023
වර්ජන නිසා සංචාරකයන් නාවොත් පඩි වැඩි කිරීම ප්රශ්නයක් වෙයි වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 01 November 2023
ලතින් රටවලින් ඊශ්රායලයට විරෝධයක් ‘ජබාලියා’ සරණාගත කඳවුරට එල්ල කළ එම ප්රහාරය සම්බන්ධයෙන් ලතින් ඇමෙරිකා රටවල් ඊශ්රායලයට විරෝධය දක්වමින්, ඊශ්රායලයේ සිටින ඔවුන්ගේ තානාපතිවරුන් යළි ගෙන්වා ගැනීමට තීරණය කර තිබේ. තානාපතිවරුන් ගෙන්වා ගැනීමට තීරණය කළ ලතින් ඇමෙරිකානු රටවල් වන්නේ බොලිවියාව, කොලොම්බියාව සහ පේරු රාජ්යයයි. 01 November 2023
සුව සේවකයෝ වැඩ වර්ජනයක ඉල්ලීම 10 ක් මුල් කරගනිමින් සෞඛ්ය සේවා වෘත්තීය සමිති එකමුතුව අද(01) උදෑසන දිවයින පුරා රෝහල් වල සංඛේතාත්මක වැඩ වර්ජනයක් ආරම්භ කළේය. 01 November 2023
ඉන්දිය මුදල් ඇමැතිනි මෙරට නිල සංචාරයක ඉන්දීය මුදල් අමාත්ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (01)උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 01 November 2023
’’අපේ තැඹිලි’’ මාස 10ට මිලියන 140ක් රටට දෙයි ලංකාවේ තැඹිලි වලට ජාත්යන්තර වෙළෙඳපොළ ඉල්ලුම ශීඝ්රයෙන් ඉහළ යමින් තිබෙන අතර 2023 වසරේ තැඹිලි අපනයනය සියයට 117කින් ඉහල ගොස් ඇතැයි ශ්රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 01 November 2023
ගාසා සරණාගත කඳවුරකට ප්රහාරයක්: 50 ක් මරුට ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුරට ඊශ්රායල ගුවන් හමුදාව මිසයිල ප්රහාර මාලාවක් එල්ල කළේය. ප්රහාරය එල්ල කෙරුණේ ‘ජබාලියා’ සරණාගත කඳවුරටය. 01 November 2023
නියෝග නොතකා විදුලිබිලට එරෙහි දිවුලපිටියේ පාගමන ඇරඹෙයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව අනීතික විදුලි බිලට එරෙහි පා ගමන පැවැත්වෙන අතර මේ වන විට දිවුලපිටිය නගරය හා අවට දැඩි පොලිස් රැකවල් යොදා තිබේ. 01 November 2023
ජන හා නිවාස සංගණනය ඇරැඹෙයි වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. 01 November 2023
කටුනායක-කොළඹ බස් වර්ජනයක් මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සාමාන්ය සහ සුඛෝපභෝගී බස් රථ අද( 01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය. 01 November 2023
ගනේමුල්ල සංජිවගේ වෙඩික්කරුවෙක් කොටුවෙයි ජාත්යන්තර මත්ද්රව්ය ජාවාරමේප්රධානියකු සහ පාතාල කල්ලි නායකයෙකු ලෙස සැලකෙනසංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තා ගේ ප්රධාන වෙඩිකරු වෙඩිකරු බව කියන පුද්ගලයෙක් සාජා සිට කටුනායක ගුවන් තොටුපළට අද (1) අලුයම් කාලයේ පැමිණි අවස්ථාවේ රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 01 November 2023
‘‘වැටුප් දෙන්න බැරිව තිබූ රටක් අද හොඳ පැත්තට යනවා‘‘ වසරකට පෙර රාජ්ය සේවක වැටුප ගෙවීම පවා දුෂ්කර වූ රටක වැටුප් වැඩි කරන බව සැලවීමත් ජනතාවගේ පාර්ශ්වයෙන් සුබවාදී පනිවිඩයක් බව මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. 01 November 2023
දිසා 11 ස්ථාන 62කට නාය අනතුරු දිවයිනේ බොහෝ ප්රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්රික්ක 11 ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 62 කට නාය යෑමේ අවදානම් අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 31 වනදා සවස නිකුත් කරනු ලැබ තිබේ. 01 November 2023
අදත් සවස තදින්ම වැසි දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 01 November 2023
ගිනි අවියක් ,කඩුවක් සමග හමුදා සැරයන් මාට්ටු බෝර 12 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩුවක් සමග යුද හමුදා සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව අගලිය පොලිස් මුරපොලේ නිලධාරීහු පවසති. 01 November 2023
ඊශ්රායලයට වරෙන්තු නිකුත් කරන්න ඊශ්රායල බලධාරීන්ට සහ එරට හමුදාවට එරෙහි වරෙන්තු නිකුත් කරන්නැයි පලස්තීන වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් ජාත්යන්තර අපරාධ අධිකරණයෙන් ඉල්ලයි. 01 November 2023
මැදපෙරදිග අර්බුදවලට මුල ඇමෙරිකාව - පුටින් මැදපෙරදිග කලාපයේ අර්බුද රැසකට මුල ඇමෙරිකාව බවත්, ඊශ්රායල හමාස් අර්බුදය දිනෙන් දින ඔඩුදුවන්නේ ඇමෙරිකාවේ මැදිහත්වීම නිසා බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් චෝදනා නගයි. 01 November 2023
අපේ චිත්රපට දෙකකට සම්මාන හතරක් ඇමෙරිකාවේ ලාස් වේශාස්හි පැවැති ‘‘දෙවැනි සිලෝන් අන්තර්ජාතික සිනමා උළෙලේ දී’’ (2nd Ceylon intemational film fesfival-2003) ශ්රී ලංකාව නියෝජනය කළ චිත්රපට ද්විත්වයකට ජගත් සම්මාන 4ක් හිමිව ඇත. 01 November 2023
ඉන්ධන නගී: 92 බහී පෙට්රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත් ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්රී තීරණය කළේය. 31 October 2023
කොළඹ පා ගමනට පොලිසිය ඉල්ලූ ආඥාව ප්රතික්ෂේප කරයි වැඩි කළ විදුලි බිලට එරෙහිව විරෝධතාවයක් පැවැත්වීම සඳහා විදුලි බල අමාත්යංශයට අසළට පැමිණීමට සුදානම් වන ‘අනීතික විදුලි බිලට එරෙහි පාගමන’ ට එරෙහිව ආඥාවක් නිකුත් කරන්නැයි ජා-ඇල” කඳාන” වත්තල සහ මහබාගේ පොලිස්ථානාධිපතිවරු කළ ඉල්ලීමක් වැලිසර මහෙස්ත්රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා අද (31) ප්රතික්ෂෙප කළේය. 31 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026