(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දූෂණ වංචා සහ අක්‍රමිකතාවලට වගකිවයුතු සෞඛ්‍යය සේවකයන්ට දැඩි ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය ගැන කරුණු සොයා බැලීමට පත් කෙරුණු රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනු කමිටුව දැඩි අප්‍රසාදය පළ කළේය.
මේ අතර ජාතික රෝහලේ ශල්‍ය උපකරණ වංචාවට හසුවූ නිලධාරිනිය වසර දහයක් තිස්සේ එම වංචනික කටයුතුවල යෙදී ඇතැයිද තොරතුරු අනාවරණයවූ බව කෝපා අනු කමිටුව පවසයි.
මෙම නිලධාරිනියගේ වැඩ තහනම් කර ඇතත් අනෙකුත් නිලධාරිනියන්ගේ වැඩ තහනම් කිරීම ප්‍රමාදවීම බරපතළ ගැටලුවක් බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කමිටුව හමුවේ පෙන්වා දුන්හ.
මේ තත්වය යටතේ විමර්ශනයකදී හෝ අධිකරණයකදී එම පිරිස නිවැරදි කරුවන් බවට පත්වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද ඔවුහු පෙන්වා දුන්හ.
රෝහල්වල උපකරණ හා ද්‍රව්‍ය නිකුත් කිරීමේ නිසි අධික්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව පවසන එම අනු කමිටුව සෑම රෝහලකම නිසි කළමනාකරණ ක්‍රමවේදයක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කළේය.
මේ අතර කුරුණෑගල අනුරාධපුර යනාදී රෝහල්වල ආපනශාලා බදු දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සහ මාතර මහ රෝහලේ පවිත්‍රතා සේවය ලබාගැනීම සහ රෝහල් සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම ආදියට අදාළ විගණන විමසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනුකමිටුවේ රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි මංජුල දිසානායක යන මහත්ම මහත්මීහුද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
114
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞඛ්‍යයට කෝපා අනුකමිටුවේ අප්‍රසාදය