(දයාරත්න ඇඹෝගම)
සිය පුත්‍රයා සමග යතුරු පැදියෙන් ප්‍රතිකාර ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටි 50 හැවිරිදි මවක් නිරාවිය ප්‍රදශයේදි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව අද (01)දින මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ තිරප්පනය,උට්ටිමඩුව,නිරාවිය යන ප්‍රදේශයේ පදිංචිව සිටි ලලිතා කුමාරි චන්ද්‍රලතා(50)නැමති මවකි.
මිය ගිය මෙම මව 31 හැවිරිදි සිය පුත්‍රයා සමග නිවසේ සිට යතුරැ පැදියකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට යමින් සිටියදි නිරාවිය ප්‍රදේශයේ මහමග රැදි සිටි වන අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය පැවසිය.
එම අනතුරින් බරපතල තුවාල ලැබු මෙම මව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබුණි.
මෙම වන අලි ප්‍රහාරයෙන් එම මවගේ පුත්‍රයාට කිසිදු අනතුරක් සිදුවි නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අලියා...!
සුනිල් කුණුහරප කතා කියන්නේ නැහැ...
මොවුන් පුදුම දරුවෝ. අර අසනීප අම්මා දාලා අරූ පැනලා දුවන්න ඇති අලියා එනකොට... එතුමියට නිවන්සුව පතමු.!