සුළඟින් විපතට පත්වූ ගාලු වැසියන්ට වන්දි දැඩි සුළං තත්ත්වය හේතුවෙන් පසුගිය බදාදා (29) ආපදාවට ලක්වූ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23ක් සඳහා රුපියල් 10,000 බැගින් වන්දි අත්තිකාරම් මුදලක් ප්රදානය කිරීම අද(1) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි. 01 December 2017
යතුරුපැදිකරු බසයට යටවී මරුට තලවාකැලේ සිට පුඩළුඔය දක්වා ධාවනය වු ලංගම බස්රථයකට උඩුපුස්සැල්ලාවේ සිට තලවාකැලේ දෙසට ධාවනය වු යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි තලවාකැලේ පොලිසිය පවසයි. 01 December 2017
උඩවේරිය කන්ද නායයාමේ අවදානමක් - පවුල් 45 ක් ඉවතට නායයාමේ දැඩි අවදානමක් තිබෙන හල්දුම්මුල්ල ඉදල්ගස්හින්න උඩ්වේරිය කන්ද ආශ්රිත පදිංචි පවුල් 45කට දුන් උපදෙස් අනුව ඔවුන් ඉවත් නොවීම නිසා බදුල්ල දිස්ත්‍රික් ලේකම්ගේ උපදෙස් පරිදි ඔවුන් ඉවත් කිරිමට කටයුතු කරන බව පොලිසිය පවසයි. 01 December 2017
මාතර එළියකන්ද නායයයි මාතර එළියකන්ද අද(1) උදෑසන හදිසියේ නාය යාමට පටන් ගැනීම නිසා මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ වෙරළ පාර කොටස වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇත. 01 December 2017
හම්බන්තොට ප්‍රදේශ රැසක් යටවෙයි පවතින අධික වර්ෂාව නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරම ඔය හා කෝංගල්ආර ඔය පිටාර ගැලීම නිසා ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වී තිබේ. 01 December 2017
කොට්ටාවේදී දෙදරු මවක් ඝාතනය කෙරේ කොට්ටාව රුක්මලේ බාලිකා නිවාස පාරේ නිවසකට ඇතුළු වූ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන හිස් ආවරණ පැළඳි පුද්ගලයින් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි දෙදරු මවක් මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. 01 December 2017
ගාල්ල දිස්ත්‍රික්කයේ මාර්ග රැසක් ජලයෙන් යටවේ - ගමනාගමනයට බාධා ගාල්ල දිස්ත්‍රික්කයට දින තුනක් අඛණ්ඩව කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවෙන් මේ වනවිට මාර්ග ගණනාවක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇත. 01 December 2017
ගිංගග පිටාර මට්ටම ඉක්මවයි - පහත්බිම් රැසක් යටවේ ගිංගඟේ ජලමට්ටම බද්දේගම ඉදිගස්කැටිය ජල මාපකයට අනුව පිටාර මට්ටම ඉක්මවා ඇතිබව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු අමරජීව ලියනගේ මහතා පැවසීය. 01 December 2017
වරාය සේවක සංගම් නියෝජිතයන්ට වාරණයක් හම්බන්තොට වරාය සේවක සංගමයේ නියෝජිතයන්ට වරාය පරිශ්‍රයට ඇතුළුවීම හෝ එහි රැඳී සිටීම වළක්වාලමින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (30) තහනම් නියෝගයක් ලබාගත් බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. 30 November 2017
මිය ගිය ධීවරයකු වෙනුවෙන් ලක්ෂ 20ක් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් මියගිය සෑම ධීවරයකුටම රජයෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (30) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. 30 November 2017
පුංචි ඡන්දය එකම දිනයක රට පුරා සියලු පාළාත් පාලන ආයතන සඳහා එකම දිනයක ඡන්ද විමසීම පැවැත්වීමට මැතිවරණ කොමිසම අද (30) තීන්දු කර ඇතැයි වාර්තා වේ. 30 November 2017
ජනපතිගේ සොහොයුරා මැරූ විත්තිකරුට සිරදඬුවම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු පල්ලේවත්ත ගමරාළලාගේ ප්‍රියන්ත සිරිසේන මහතාට පොරවකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 18ක සිරදඬුවම් නියම කරන ලෙස පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නියෝග කළේය. 30 November 2017
ඔහිය සහ ඉදල්ගස්හින්න අතර පස් කඳු කඩා වැටීම් 13 ක් ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන දෙක අතර පස් කඳු කඩා වැටීම් 13 ක් පමණ සිදු වී ඇති බව ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානාධිපති ඩි එම් සේනාධීර මහතා ප්‍රකාශ කළේය. 30 November 2017
ගල් පෙරළීමෙන් වාහන තුනකට හානි රත්නපුර බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ, බෙරගල සහ හල්දුම්මුල්ල ප්‍රදේශවල දී පාරට ගල් පෙරළීම නිසා වාහන තුනකට අලාභ හානි වී ඇතැයි පොලිසිය කියයි. 30 November 2017
හපුතලේ පවුල් 173 ඉවත් කරයි නාය යෑමේ අවධානම නිසා හපුතලේ පොලිස් වසමට අයත් ගෝව වත්ත,ගැලනෝර් වත්ත සහ බැල්වුඩ් යන වතු වල පවුල් 173 ක් පමණ ඉවත් කර ඇති බව පොලිසිය කියයි. 30 November 2017
ඇල්ලේ සහ හපුතලේ පවුල් 42ක් ආරක්ෂිත ස්ථානවලට නාය යෑමේ අවධානම නිසා ඇල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සහ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 42ක් ඉවත් කර ඇතැයි අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි. 30 November 2017
මීරියබැද්දේ පවුල් 158ක් ඉවතට මිලිමීටර 185කට අධික වර්ෂාපතනයත් සමඟ නායයෑමේ අවදානමක් ඇතැයි නම් කිරීම නිසා කොස්ලන්ද මීරියබැද්දේ පවුල් 158 ක් පමණ ඉවත් කළ බව අපදා කළමනාකරණ නිලධාරීහු කියති. 30 November 2017
බෝට්ටුවෙන් රට යන්න හැදූ 31ක් දැලේ නීති විරෝධී ලෙස බෝට්ටු මගින් ඉතාලිය,ඕස්ටේ්රලියාව හා නවසීලන්තය බලා යාමට සුදානමින් සිටි 31 දෙනකු අද (30) පස්වරු 3.00 ට පමණ ආරච්චිකට්ටුව නගුල්එළිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පවසයි. 30 November 2017
පොලිසියේ නිවාඩු අවලංගුයි පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු සහ විශේෂ රාජකාරි වෙනුවෙන් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිඩාඩු අවලංගු කරන ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කර ඇත. 30 November 2017
මැතිවරණ කොමිසම රැස්වේ සීමානිර්ණ ගැටළු සම්බන්ධයෙන් කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම ඉවත්කර ගැනීමෙන් පසුව දිවයින පුරා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මේ වන විට මැතිවරණ කොමිසම හදිසියේ රැස්වී තිබේ. 30 November 2017
‘හෝර්ටන් තැන්නට-යාලට එන්න එපා‘ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සංචාරය සඳහා යාමෙන් වළකින්නැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 30 November 2017
පළාත් පාලන මැතිවරණයේ පළමු පැමිණිල්ල ලැබේ පළාත් පාලන මැතිවරණයට අදාලව පළමු පැමිණිල්ල අද(30) තම සංවිධානයට ලැබුණු බව පැෆරල් සංවිධානය පවසයි. 30 November 2017
විපතට පත් වුවනට සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් ධාරාණිපාත වර්ෂාව සහ දැඩි සුළං නිසා පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු කටයුතු සිදුකරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) උපදෙස් දී තිබේ. 30 November 2017
පළාත් පහක විදුලි සැපයුමට හානි දිවයිනට බලපෑ සුළං තත්ත්වය නිසා බස්නාහිර, දකුණ, නැගෙනහිර, සබරගමුව හා ඌව පළාත්වල ස්ථාන රාශියක විදුලි සැපයුමට හානි සිදුව ඇතැයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය කියයි. 30 November 2017
සහන සලසන්න හමුදාවේ 2000ක් පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ති‍්‍රවිධ හමුදාවේ 2000ට අධික භට පිරිසක් යොදවා ඇතැයි හමුදාව කියයි. 30 November 2017
හමුදාව සතු ඉඩමක් මුදාහැරෙයි යාපනය පලාලි කඞ්ඩුවාන් ඔට්ටාපලම් ප්‍රදේශයේ හමුදාව සතුව තිබු අක්කර 29 ක ඉඩම් ප්‍රමාණයක් වසර 27කට පසු හමුදාව විසින් අද(30) යාපනය දිසාපතිවරයා වෙත බාර කෙරිණි. 30 November 2017
දළ පුට්ටුවාගේ සිරුර වෙදදුරු හඳුනාගනී ගල්ගමුව කැලෑවක වැවක් අසල තිබී සොයාගත් ඇත් මළ සිරුර මාස දෙකකට පෙර අතුරුදන්වූ දළ පූට්ටුවාගේ බවට මරණ පරික්ෂණයේදි තහවුරු වී ඇතැයි පොලිසිය පවසයි. 30 November 2017
සත්තු වත්තේ ගස් තුනක් කඩා වැටෙයි සත්වෝද්‍යානයේ රූස්ස ගස් තුනක් මුලින්ම ගැලවී ඇති බවත් එක් රූස්ස ගසක් මකුළු රිළවාගේ කූඩුව තුළට කඩා වැටී ඇති බවත් මකුළු රිළවාට කිසිදු ආපදාවක් නැති බවත් දෙහිවල සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය. 30 November 2017
සීමානිර්ණ ගැසට්ටුව අවලංගු කරන පෙත්සම ඉල්ලා අස්කරගනී සීමා නිර්ණ ගැසට්ටුව අවලංගු කරන්නැයි කියා ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පෙත්සම්කරුවන්ගේ නිතිඥවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. 30 November 2017
කාලගුණ විපතින් හයක් මරුට අධික වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට පුද්ගලයින් හය දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 30 November 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026