අඹගමුව කෑලි කළාට එරෙහිව පෙත්සමක් අඹගමුව ප්‍රාදේශීය සභාව බල ප්‍රදේශ තුනක් වශයෙන් කඩා වෙන් කිරිමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ බව කන්ද උඩරට ප්‍රාදේශීය ජනතා ව්‍යපාරයේ සභාපති හෙළප්රිය නන්දරාජ මහතා පවසයි. 04 December 2017
කේ.පීට එරෙහි පෙත්සම විසිවෙයි කොටි සංවිධානයේ ප්‍රධාන අවි ආයුධ සැපයුම්කරු සහ ජාත්‍යන්තර අංශයේ නායකයා වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. වහාම අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පැවරීමට නියම කරන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගොනු කළ පෙත්සම අභියාචනාධිකරණය අද(4) නිශ්ප්‍රභ කළේය. 04 December 2017
ඌව සබේ අයවැය සම්මත වෙයි 2018 වසර සඳහා වන ඌව පළාත් සභාවේ අයවැය වැඩි ඡන්ද 16කින් අද(4) සම්මත විය. 04 December 2017
ආගමික ස්ථානවල මැතිවරණ ප්රචාරක කටයුතු තහනම් මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්රචාරක කටයුතු කිසිදු ආගමික සිද්ධස්ථානයක දී සිදුකිරීම තහනම් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 04 December 2017
පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක් පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 04 December 2017
විදේශීකයන් මිලට ගන්නා භාණ්ඩවලට ආපසු වැට්බදු ගෙවීමේ ක්‍රමයක් සංචාරකයන් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ වලට අය කෙරෙන බදු ගුවන් තොටුපළේ දී නැවත ගෙවීමට වැඩපිළිවෙලක් සකසා ඇතැයි සංචාරක හා ක්රීස්තියානි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කළේය. 04 December 2017
කොන්සියුලර් ගාස්තු ජනවාරියේ සිට ඉහළට විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය මඟින් විවිධ ලේඛන සහතික කිරීම සඳහා අයකරනු ලබන ගාස්තු ලබන වසරේ ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි. 04 December 2017
සෙත්සිරිපායෙන් වැටී අයෙක් මරුට බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙන් වැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 04 December 2017
මුහුදු නොයන්නැයි අනතුරු අඟවයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑමෙන් උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 8 වැනිදා දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි 04 December 2017
මඩකලපුවේ ගංවතුර වැඩිවී කිඹුලෝ මුහුදට යති කාත්තාන්කුඩි මුහුදේ කිඹුලන් ගැවසීම නිසා ප්‍රදේශවාසීන් අතර බියක් ඇති වී තිබේ. 04 December 2017
පළාත් පාලන ආයතන 248 කට නාම යෝජනා කැඳවයි පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි. 04 December 2017
ගලේවෙලදී පාම්තෙල් පොල්තෙල් කරයි ගලේවෙල එනමල්පොත හතේ කනුව ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන ෆාම් තෙල් පොල්තෙල් කිරීමේ මහා පරිමාණ කම්හලක් අද (04) සොයාගත් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ වැටලීම් අංශය පවසයි. 04 December 2017
ජනමාධ්‍යවේදීන්ගේ නිදහස වෙනුවෙන් සමුළුවක් ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ සමුළුවක් අද(4) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි. 04 December 2017
ලෝගි වතුයායේ කම්කරුවෝ විරෝධයක ලිඳුල පොලිස් වසමට අයත් ලෝගි වතුයායේ වතුකම්කරුවෝ පිරිසක් අද (4) හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලෝගි වතුයාය ප්‍රදේශයේදි උද්ඝෝෂණයක නිරත වූහ. 04 December 2017
ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ ආ 4ක් අත්අඩංගුවට කේරල ගංජා ළඟ තබාගෙන සිටි තරුණයන් සිව්දෙනෙකු හැටන් සුරාබදු කාර්ලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 04 December 2017
රන්දෙනිය වැවේ නිධන් හැරූ සිව් දෙනෙක් අත්අඩංගුවට දඹුල්ල රන්දෙනිය වැවේ නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය. 04 December 2017
දළදා මාළිගාවේ ඉඩමක නිධන් හාරති දළදා මාලිගාවට අයත් ගලේවෙල එනමල්පොත වහකෝට්ටේ ප්‍රදේශයේ ඉඩමක මාස කීපයක සිට නිධානයක් හෑරීම සඳහා ගලක් විදිමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 04 December 2017
පොදු සමා කාලයේ ඉවත්වීම් නොලැබු 2019 ක් අත්අඩංගුවට පොදුසමා කාලයේ යුද හමුදාවෙන් නීත්‍යානුකූල ඉවත්වීම් නොලද හමුදා නිලධාරීන් සහ සාමාජිකයන් 2019 දෙනෙකු අද (3) වැනි දා වනවිට අත්අඩංගුවට පත්ව තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය. 03 December 2017
කන්දකැටියේ සැරයන්වරයකුට පහර දීලා රාජකාරි කටයුත්තක් සඳහා යමින් සිටි කන්දකැටිය පොලීසියේ සැරයන්වරයකුට කිසියම් පුද්ගලයකු විසින් පහරදීමෙන් පසුව තුවාල ලැබූ සැරයන් මීගහකිවුල රෝහලටත් පසුව බදුල්ල මහ රෝහලටත් ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි. 03 December 2017
උඩරට දුම්රිය ගමන් සුපුරුදු පරිදි පස්කඳු හා ගල් කඩා වැටීම හේතුවෙන් නානුඔය දුම්රිය ස්ථානයට සීමා කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (03) යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 03 December 2017
හම්බන්තොට පවුල් 336කට පීඩා අධික වැස්ස හා සුළඟ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 336 ක 1250 දෙනකු පමණ පිඩාවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා අද (03) පැවසීය. 03 December 2017
පුංචි ඡන්දෙට මාතලේ ප්‍රා.සභා රැසක පිල් මාරු කිරිම් එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පිල් මාරුකිරීම් පිළිබඳ මාතලේ දිස්ත්‍රික්යේ ප්‍රාදේශිය සභා රැසක හිටපු මන්ත්‍රිවරු රැසක් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 03 December 2017
දළ පූට්ටුවාගේ දළ බව සැකකරන පෙන්ඩන් - සුරයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට වෙඩි තබා මරා දැමුණු දළ පූට්ටුවාගේ දළ වලින් සැකසු බවට සැකකරන පෙන්ඩන් දෙකක් සමඟ සුරයක් සන්තකයේ තබා ගෙන සිටි ග්‍රාම නිළධාරිවරු දෙදෙනෙක් නිකවැරටිය කොඨඨාස බුද්ධි එකකයේ නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබුහ. 03 December 2017
ගාල්ලේ 28,700කට පීඩා හදිසි ආපදා හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් අට දෙනකු මියගොස් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 03 December 2017
වැස්සෙන් බදුල්ලේ පුද්ගලයන් 4670කට පීඩා බදුල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දිනවල වර්ෂාවත් සමඟ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව ගොස් ඇති බවත් ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1213ක පුද්ගලයන් 4669ක් පීඩාවට පත්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල සහාකාර අධ්යක්ෂ අජිත් නිශාන්ත මහතා අද (4) පැවසීය. 03 December 2017
හෙළිකොප්ටරයක් වැස්ස නිසා හේනේගමට ගොඩ බස්වයි ඇමරිකානු ජාතික ව්‍යාපාරිකයින් දෙදෙනෙකු හා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකු ඇතුලු හය දෙනෙකු රැගෙන කොළඹ බලා පියාසර කළ පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් වර්ෂාව හා අයහපත් කාලගුණික තත්ත්වය නිසා අද (2) සවස 5.00ට පමණ හේනේගම මධ්‍ය විද්‍යාල ක්‍රීඩාපිටියට ගොඩ බස්වනු ලැබිණ. 02 December 2017
ශ්‍රිලනිප සංවිධායකවරු 20ක් පත්වීම් ලබති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව සංවිධායකවරු 20 දෙනෙක් අද (20) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්විම් ලිපි ලබා ගත්හ. 02 December 2017
හිටපු කොටිත් පොහොට්ටුවෙන් එනවා - හිටපු උතුරු මැද මහ ඇමැති එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය. 02 December 2017
වැස්සෙන් ඉඹුල්පේ නිවාස 9 කට අර්ධහානි 31 ක් අවතැන් තද වර්ෂාව සහ සුළං හේතුවෙන් බළන්ගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 02 වැනිදා වනවිට නිවාස නමයකට අර්ධ හානි සිදුව ඇති අතර ඉන් පුද්ගලයින් 31 දෙනෙකු අවතැන්ව ඇති බව ඉඹුල්පේ ප්‍රාදේශීය මහලේකම් කීර්ති ජයසිංහ මහතා පැවසීය. 02 December 2017
සිරිපා වන්දනා සමය ඇරඹෙයි මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කරමින් පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ මාස හයක කාලයක් තැන්පත් කරතිබු සධාතුක කරඬු, සුමන සමන් දේව ප්‍රතිමා සහ දේවාභරණ 02දා උදෑසන එළඹුන සුබ නැකැත් වේලාවන් තුනක දි මාර්ග තුනක් ඔස්සේ පෙරහර තුනකින් සිරිපා මළුව වෙත වැඩම කරවීම සිදු විණි. 02 December 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026