(රොමේෂ් මධුෂංඛ)
යාපනය මරදන්කේනි ප්‍රදේශයට පැමිණ වාඩි ගසාගෙන සිටින සංචාරක ධීවරයින් 1500 ක් පමණ දෙනා එම වාඩි වලින් ඉවත්කරන ලෙසට ඉල්ලා ප්‍රදේශයේ ධීවරයින් රැසක් විරෝධතා පාගමනක් අද (7) උදෑසන සංවිධානය කර තිබුණි.
මරදන්කේනි වෙරළට පැමිණ ඇති අදාළ සංචාරක ධීවරයින් විසින් මුදල් යොදවා මුහුදු කූඩැල්ලන් ඇල්ලීම ඇතුළු විවිධ ආකාරයේ අනවසර මසුන් ඇල්ලීමේ කටයුතු මෙන්ම දෙමළ ධීවරයින්ට විවිධ බාධාවන් සිදු කිරීම හේතුවෙන් මරදන්කේනි මත්ස්‍ය සම්පත විනාශ කරන අතරම ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවට විරෝධතා පාගමනට එක්වූවන් කියා සිටියහ.
එමෙන්ම ඉන්දීය ධීවරයින්ගෙන් සිදුවන බලපෑමට වඩා බලපෑමක් මෙම සංචාරක ධීවරයින්ගෙන් ප්‍රදේශයේ පාරම්පරි ධීවරයින්ට එල්ලවන නිසාවෙන් එම ධීවරයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසටත් මේ වන විටත් ධීවරයින් 1500 ක් පමණ ධීවර යාත්‍රා 400 ක් පමණ යොදා මෙම මත්ස්‍ය සම්පත විනාශ කිරීම සිදු කරන නිසාවෙන් වහාම පියවරක් ගන්නා ලෙසට විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
විරෝධතාවය සඳහා මරදන්කේනි හා වඩමාරච්චි නැගෙනහිර පාරම්පරික ධීවරයින් මෙන්ම උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගී වී සිටි අතර විරෝධතාකරුවන් විසින් පාගමන අවසානයේ මරදන්කේනි ප්‍රාදේශීය ලේකම්වරයාට යාපනය දිසාපතිවරයාට සංදේශයන් භාරදීමටද පියවර ගන්නා ලදි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උතුරු පලාතෙන් පිට දෙමළ ජනයාට ව්‍යාපාර, වෙළඳාම කටයුතු කරන්න හා නිදහසේ ජීවත් වන්න පුළුවන් නං, ඇයි දකුණේ ජනතාවට උතුරට ගිහින් වෙළඳාම කටයුතු කරන්න බැරි? අද සිවාජිලිංගම්, විග්නේශ්වරන්ලාට රටේ පොදු නීතිය බල පාන්නේ නැහැ. රජය කොන්ද කෙලින් තියාගන පැහිදිලි තීන්දුවක් ගන්නොන. මේ රජය සේරම අනාගත්ත. ඩයස් පෝරාවට බයවෙලා යුද ජය දින සමරන්න නැහැ. නමුත් සිවාජිලිංගම්ලා උතුරේ මහාවිරු දින සමරනවා. මේකද සහ ජීවනය?
ඕක දකුණේ උනානම් පොලිසිය කැරලි මර්දන ඒකකය වගේ හැට හුටමාරක් වටවෙලා. එක රටේ නීති දෙකක් අනේ මෙහෙම කොන්ද පන නැති ආණ්ඩුවක්.
මේකට අනිකුත් පළාත්වල ජනතාවටත් පුළුවන් මහත්මා ගාන්ධිතුමා ආරම්භ කළා වගේ අහිංසාවාදී ක්‍රියාවක් ආරම්භකරන්න. ඒ පැත්තෙන් එන භාණ්ඩ හා සේවා වර්ජනය කරනවා...