ගාල්ල තැපැල් කාර්යාලයේ ලිපි හිරවෙයි
ගාල්ල ප්රධාන තැපැල් කාර්යාලයේ කනිෂ්ඨ කාර්යමණ්ඩලය ආරම්භකළ වැඩ වර්ජනයක් නිසා අද (15) ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිත ලිපි තේරීම, බෙදා හැරීම ඇතුළු කනිෂ්ඨ කාර්යමණ්ඩලය මගින් සිදුවන සියලුම කාර්යයන් අඩපණ වී ඇතැයි තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමයේ සංවිධායක ලේකම් අනුර නිශාන්ත මහතා පවසයි.