(සුමතිපාල දීයගහගේ)
අද (4) අලුයම දොළහයි තිහට පමණ උණවටුන පැරණි සලුසල භූමියේ පිහිටි ගාල්ල අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාවට ඇතුලු වූ සොරුන් පොලීසිය පැමිණෙන විට පලා ගොස් ඇතැයි හබරාදුව පොලීසිය පවසයි.
මෙම නඩු භාණ්ඩ ගබඩාවට සොරුන් ඇතුලුවී ඇති බවට ලැබුණු තොරතුරක් මත අද අලුයම 12. 30 ට පමණ හබරාදුව පොලිසිය එම ස්ථානයට යන විට කඩමින් සිටි සේප්පුවක් අතහැර දමා සොරුන් පලා ගොස් ඇති බවද වාර්තා වේ.
මෙම නඩු භාණ්ඩ ගබඩාවට පැමිණි සොරුන්ගේ ජංගම දුරකතන දෙකක් කමිසයක් කුඩා ගෑස් සිලින්ඩරයක් ඔක්සිජන් පහනක් අඩු මිටි කිපයක් ඇතුලු උපකරන කීපයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙම නඩු භාණ්ඩ භූමියේ ඉතා වටිනා වාහන විශාල ප්‍රමාණයක් ඇති අතර එම සමහර වාහනවල වටිනා ඇතැම් කොටස්ද අතුරුදහන්ව ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින වාර්තා වේ.
මෙහි ඇති සමහර වාහන රුපියල් ලක්ෂ අසූව තරම් වටිනා ඒවාය. ලොරි වෑන් කාර් යතුරුපැදි ඇතුලු තවත් වාහන විශාල ප්‍රමාණයක් මෙහි ගබඩාකර ඇත.මෙම වාහනවල සමහර කොටස් කාලයක් තිස්සේ සොරුන් විසින් ගලවා
ගෙන යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරයි. සොරුන් විසින් මෙම සේප්පුව කැඩීමට උත්සාහ කර ඇත්තේ ඇයිද යන්න පොලිසියට ගැටලුවක් වි ඇත.
මේ අතර නඩු භාණ්ඩයක් ලෙස එහි තිබූ යතුරුපැදියක් මුරකරු විසින් පාවිච්චිකර ඇති බවටද තොරතුරු පොලිසියට ලැබී ඇති අතර එය සම්පූර්ණ නීති විරෝධි ක්‍රියාවක් බවද පැවසේ.
මේ වන විට මෙම නඩු භාණ්ඩ ගබඩාවේ මුරකරු ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තාවේ. හබරාදුව පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක අධිකරණ වලට නිතර නිතර හොරු පනිනවා නම් ඒ රටේ අධිකරණ වල තත්වය කුමක්දැයි මනාව පැහැදිලි වෙයි. මේ රටේ මේ තත්වය පාලනය කිරීමට තවමත් නොහැකිවී ඇත්තේ මන්දැයි ගැටලුවකි. ප්රදේශය බාර පොලිස් ප්රධානීන්ට තුවක්කු කබලක් දී අඩුම තරමේ එක රාළහාමි කෙනෙකුව හෝ යෙදුවා නම් හොරුන්ට වෙඩි තැබීමට හැකියාව තිබුණි. අපූරු පොලීසිය එනවිට හොරුන් පැන ගොසිනි. හොරුන්ගේ මෝඩකමට හෝ කලබලවීමට ජංගම දුරකථන සහ තවත් දේ දමාගොස් ඇත. එය පොලීසියේ හපන්කමක් නොවේ. රටේ යුක්තිය හා නීතිය පසිඳලන තැන වන අධිකරණය රක්ෂා කිරීමට බැරි පොලීසිය අප කෙසේ රකිත්ද? අහෝ ඛේදයකි.