මහින්ද - ශිරන්ති රගර් බලන්න යති
කොතෙකුත් දේශපාලන හැලහැප්පීම්, තර්ක විතර්ක මෙන්ම අර්බුද මැදින් ජීවිතය ගෙවී ගියද තම දරුවන් ක්රීඩා කරන රග්බි තරගයක් නැරඹීමට යාමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් අමතක නොකරති. කොළඹ තුරඟ තරග පිටියේදී (17 වැනිදා) සී.එච්. පිල සහ සී.ආර්. පිල අතර පැවැති තරගය නැරඹීමටද මහින්ද රාජපක්ෂ මහතාත් ශිරන්ති රාජපක්ෂ මහත්මියත් පැමිණ සිටියහ.