සුජිත් හේවාජුලිගේ
විශ්ව විද්‍යාලයක දී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී නවකවදය දී හසුවන සිසුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තිරණය කර ඇත.
මෙවැනි වරදකට හසුව අධිකරණයෙන් වැරදිකරුවකු වන සිසුවකුට වසර දහයක බරපතල වැඩ සහිත සිරදඬුවමක් පැනවීමට හා ශිෂ්‍යභාවය අහෝසි කිරිමට පියවර ගත හැකි බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.
මේ දඬුවම් පිළිබඳ සිහි කැදවමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් හා සිසුන්ගේ මව්පියන්ට අද (5) නැවත වරක් නිවේදනයක් යවා තිබේ.
විශ්ව විද්‍යාලයකදී හෝ වෙනත් උසස් අධ්‍යාපන ආයතනයකදී කිසියිම් ශිෂ්‍යයකු හෝ ශිෂ්‍යාවක වෙනත් ශිෂයයකු හෝ ශිෂ්‍ය පිරිසක් මගින් කුරිරු හා අමානුෂික අන්දමින් සැලකිම, මානසික ශාරිරික හෝ ලිංගික හිංසනයකට හෝ ප්‍රචණ්ඩත්වයකට ලක් කළ හොත් ඒ පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ස්ථාපන කර ඇති 011 - 2123700 දුරකතන අංකයට දැනුම් දී අදාළ පොලිස් ස්ථායනට වහාම පැමිණිල්ලක් කළ යුතු බව එම කොමිසම දැනුම් දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ අදහසක්. නමුත් ක්‍රියාත්මක කරන්න අමාරුයි.
ඉතාමත්ම හොඳ තීරණයක්... මොන " හිඟන පක්ෂයක ඇම්බැට්ටයෝ " විරුද්ධ වුනත් කම් නැත. කරුණාකර හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන්න. එසේ එළියට " දාන තිරිසනුන් " වෙනුවට විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට අවස්ථාව නොලැබුණු සුදුසුකම් තිබෙන දරුවන් ඉක්මනින් බඳවා ගැනීමටත් ඉක්මන් පියවර ගැනීම යෝග්‍ය වන්නේය.
මෙය නොකළ හැකි දෙයක් නොවේ. අවශ්‍ය වන්නේ මේ සඳහා ඕනෙකමක් ඇති අමාත්‍යවරයෙකු සහ විශ්ව විද්‍යාල පාලන අධිකාරියක් පමණි. මේ ක්රියාවේ යෙදෙන අයවලුන් හඳුනා ගැනීමට සෑම වසරකම සරසවි තුල ඔත්තුකරුවන් ජාලයක් ඇති කල යුතුයි. දිවයිනේ විවිධ පරිසර වලින් පැමිණෙන සිසුන් හට සරසවියක් තුල සාමුහිකව ජීවත්වීමේ පෙරහුරුවක් ලෙස පසු ගිය රජය විසින් ඇති කල නායකත්ව කදවුරු හොඳ දෙයක් යයි සිතමි. රජයක් වෙනස් වුනු පලියට එවැනි හොඳ දේ නවතා දැමීම මෝඩ කමකි.
ඉතා හොඳ අදහසක්. නමුත් ක්‍රියාත්මක කළ යුතුයි ඉක්මණින්.. තවද දේශපාලන කටයුතු විශ්ව විද්‍යාලය තුළ තහනම් කළ යුතුය. එමෙන්ම විභාග කල් දමමින් විශ්ව විද්‍යාලය තුළ රැඳී සිටීම උපරීම කාලය වසර 2කට සීමා කළයුතුය. (විශේෂ හේතුන් මත පමණක් ) වසර දෙකෙන් පසු විශ්ව විද්‍යාලය තුළ ඇතුල්වීම සඳහා උප කුලපති වරයාගේ ලිඛිත අවසරයක් ලබාගත යුතුය. අවසරයක් නොමැතිව විශ්ව විද්‍යාලය තුළට ඇතුල් වීම සපුරා තහනම් කළ යුතුය. සිසුන්ට ඒ සඳහා අවසර ලබා ගැනීමට විද්‍යුත් මාධ්‍ය ක්‍රමයක් (ඊමේල්) ස්ථාපනය හෝ විශ්ව විද්‍යාල ප්‍රධාන පිවිසුම් ස්ථානයට ඉල්ලුම් පත් බාර දීමට අවැසි පිළිවෙතක් ස්ථාපනය කළ යුතුය.
මේ මෙලෙච්ඡ නවකවදය නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වසරකට පන්සීයකට වැඩියි. ඊට අමතරව සදාකාලික මානසික ව්‍යාකූලතාවයට සහ ශාරීරික බෙලහීනතාවයට පත්වෙන ළමුන් සැලකිය යුතු සංඛ්‍යාවක් බයෙන් සැඟවී සිටිති. ඒ නිසා කුමන ආකාරයේ හෝ ඉතා සුළුවෙන් හෝ නවක වදයක් දීම දඬුවම් කළයුතු වරදක් ලෙස සැලකිය යුතුය.
නවක වදය අවශ්‍ය වන්නේ එක්තරා දේශපාලන පක්ෂයක අවශ්‍යතාව අනුව බව සමහරුන් කියනවා. එම කථාවේ තිබෙන්නේ සියයට 10ක පමණ ඇත්තක්. ඉතිරි සියයට 90 වෙනත් අයගේ අවශ්‍යතාව බව මම කියනවා. ඒ බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතුලතින් හොඳින් පේනවා. විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට ඕනෑම අයෙකුට පරීක්ෂා කිරීමකින් තොරව අවසර ලැබී තිබෙනවා. කිසිම සොයා බැලීමක් කරන්නේ. ආරක්ෂකයො හා විනයාරක්ෂකයෝ නිකං බලන් ඉන්නවා මහජන මුදලින් පඩි අරං. ඔවුන්ගේ රාජකාරී කිරීම උපකුලපති විසින් නවතා තිබෙනවා. සිසුන් තමයි මේ වන විට විනයාරක්ෂකලා. මාධ්‍යත් ඇත්ත ලියන්නේ නෑ. සිසුන් අතර මත්ද්‍රව්‍ය පැතිරිලා. නීතියක් ඇතුලත නෑ. මේකට දැන් ඉන්න උපකුලපති සම්පත් අමරතුංග වගකිව යුතුයි. ඔහුගේ තනතුරු හඹායාම නිසා පසුගිය චසර කිහිපය තුල විශ්වවිද්‍යාලය විනාශ වුනා. අනෙක් විශ්ව්විද්යාලත් එහෙම තමයි. ඒ නිසා නවක වදය එක දේශපාලන පක්ෂක අවශ්‍යතාවක් නොවේ.
නවක වදය දෙන සිසුන්ට පමණක් දඬුවම් දීල වැඩක් නැහැ. සිසුන් එවැනි නින්දිත සහ අමානුෂික කටයුතු වලට තල්ලු කරන බංකොලොත් දේශපාලන පක්ෂ දෙකේ අයවත් සොයා ඔවුන්ටත් දඬුවම් දෙන්න.
මෙතන ප්‍රතිචාර දක්වලා තිබෙන සමහරු ප්‍රායෝගිකව විශ්වවිද්‍යාලවල පවත්නා තත්ත්වය නොදන්න බව පේනවා. විශ්වවිද්‍යාල ගණනාවක ඉන්න පාලනාධිකාරිය දේශපාලනිකව පත් වෙන්නේ. ඔවුන්ට ඕන අහවල් විශ්වවිද්‍යාලයේ අවුලක් කියලා මාධ්‍යවල නොයවන්න. ඒකට කරන්නේ සිසුන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න දෙන එක. නීතිය තියෙනවා, ඒත් නීතිය හමුවට පැමිණිල්ලක් කරන්න එන සිසුවාගේ ආරක්ෂාව තහවුරු කරන්න මේ උපකුලපතිවරු පියවර ගන්නෙ නෑ. නායකත්ව පුහුණුව ලබපු ළමයි වඩාත් හොඳින් අනුන්ට නවක වදය දෙන්න පියවර ගත්තා. විශ්වවිද්‍යාලවල ඉන්න පාලනාධිකාරිය හෝ දේශකවරු සිසු විනය ගැන බලන්නේ නෑ. ඒ වෙනුවට තමන්ට තනතුරු වලට එන්න සිසුන්ගේ සහය ගන්න ඩීල් දාන එකයි වෙන්නේ.
ජාතික උසස් අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරන වේයන්ගොඩ, නයිවල අායතනයේ නවකවදය ඉතාම අසික්කිතයි. මේ ගැන අාරක්ෂක අංශ සහ පාලන අධිකාරිය කටයුතු කරන බවක් නොපෙනේ. මෙය බරපතල තත්වයකට හැරී දේශපාලන ගැටලුවක් වීමට ඉඩ නොදී එය විසඳනු අැතැයි දෙමව්පියන් බලාපොරොත්තු වේ..