(ක.ග. කරුණාරත්න)
මැති ඇමති වරුන්ගේ වැටුප් සත පහකින් වත් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.
පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ පොලොන්නරුව නගරයේ ඉදිකල නව වෙළද සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා මන්ත්‍රී වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විට කිසිදු හේතුවක් නිසා එය අනුමත නොකරන බවද කීවේය.
මෙය මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩිකරන කාලයක් නොවේ යැයි ද 2015 සිට මේ වන විට මැති ඇමති වැටුප් සහ දීමනා අවස්ථා කීපයක් වැඩි කර තිබෙන බවද ජනාධිපති වරයා කීවේය.
ජනාධිපති වරයාගේ වැටුප මිලියන ගණනක් විය හැකි යැයි ඇතැමුන් සිතන්නට පුලුවන්. නමුත් දීමනා කිසිවක් නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් අනූ පන්දාහක වැටුපක් බවද ජනාධිපති වරයා මෙහිදී කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමති වරුන්ගේ වැටුප් පමණක් නොව අන් සියලු සේවාවන් වල වැටුප් වැඩිකළ යුත්තේ ජිවන වියදමට සරිලන ආකාරයටය
හිටපු අය ගැන බලනකොට නම් ඔය වගේ දහස් ගුණයක වැටුපක් ලබන්න ඇතිය කියලයි අප හිතුවේ.
ඔබතුමාගේ කතාවල් වගේ ක්‍රියාවත් සිදුවෙනවානම් රටට කොතරම් සුබද, මරණ දණ්ඩනය වුනත් තවමත් ක්‍රියාත්මක නැහැනේ.
නහර පුප්පගෙන හරබර ලෙසට පාර්ලිමේන්තුවේ හැම දෙයකටම ජනතාව වෙනුවෙන් හඬ හැරය පාන ජවිපෙ නායකයා බලමු මොනවා කියයිද කියා ?
මෙන්න මෙය අද පත්තරේ බලල .....
රටේ මුල් පුරවැසිය විසින් ගත්ත මෙම තීරණය හොද තීරණයක්. එය රටට ආදරය කරන සාමාන්‍ය පුරවැසියන් හැටියට අපි ඉහලින්ම අගය කරනවා. " වැටුප් වැඩි වැඩිකරන්න කියා ඉල්ලුම් කල රිලුන්ට එක දෙයක් කිවයුතුය" ,මේ මොහොත වෙනකන් තොපි තමන් උපන් මවුබිමට කල අවංක සේවය කුමක්ද කියා කියපියව් !!!
ඔය කතාව නිර්මාණය කල උදවිය දැන් ඒගැන අන්තර් ජාලය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගිහින් හමාරයි. අශ්වයා හරි බුරුවා හරි පැනල ගියාට පස්සේ දොරට අගුලු දාල වැඩක් නැහැ. ජනතාව අතරත් මේ කතාව දැන් පල පැදියන් කරලයි තියෙන්නේ. පැය විසි හතරෙන් ගුවන් තොටුපල වහල දුෂිතයින් සේරටම දඬුවම් දෙනවා කිව දවසේ ඉඳල මේ වෙනකල් කියපු සේරම නිකන්ම නිකන් කතා විතරයි කියලයි මහජනතාව අතරේ ප්‍රචාරය කරලා තියෙන්නේ. දුෂිතයෙක් කියල කට කැඩෙනකල් කියල කියල හතර ගාතේ දාල වට්ටපු කෙනෙක් දැන් ජන බලයක් හදා ගෙන ආණ්ඩුව වට්ටන්න තරම් ශක්තියක් ගොඩනඟා ගෙන ඉන්නේ කියනදෙයක් කියපුදාම අමතක කරන්නේ නැතුව කරන බව පෙන්නපු නිසයි. කෝ අර කියපු විශේෂ අධිකරනයවත් තවම ඇරගන්න බැරි උනා නේද? අනුන්ට බැනල වැඩක් නැහැ. වටේට ඉන්න කේවට්ටයෝ දෙන දිරච්ච ලණු ගිලල වැඩ කරන තුරා ගැල විජ්ජාවක් නම් ඇත්තේ නැහැ. හිට්ලර් හරි ජුන්ටා හරි එනවා ස්කුරුයි. එදාට බලාගන්න පුළුවන් ඒකාධිපති පාලනය කියන්නේ මොකද්ද කියල.
මන්ත්‍රීවරුන් මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ රටේ අනාගතය වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් සුබවාදීව ක්‍රියා කර තීරණ ගැනීමටය. නමුත් පත්වී ඇති නුගත් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවටගොස් සපයන්නේ විහිලුය. සමහරෙක් කතානායකවරයාට තර්ජනය කරමින් සිටි, තවත්සමහරෙක් පාර්ලිමේන්තු යන්නේ කොඉ මොහොතේ සෙන්කොලය පැහර ගැනීමට අවස්ථව ලබාගැනීමටය, සමහරු නිදිකිරමින්සිටි, තවත් සමහරෙක් ජංගම දුරකතනවලින් "earphone " මාර්ගයෙන් සින්දු අසමින් කාලය ගතකරන බව පෙනේ, තවත් සමහරෙක් දුරකථන සංවාද හෝ ග්මේ සෙල්ලම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මේ සියල්ල සළකා බැලීමේදී මොවුන්ගේ වැටුප් වැඩිකිරීම් ගැන නැවත සළකා බැලීම රජයේ වගකීමකි. .
වැටුප ගැන කතා නොකර දීමනා, ගැන කතා කළා නම් ජනතාවට තරු පෙනේවි? ජනාධිපති වැටුපට වඩා, මන්ත්‍රී වැටුප වැඩි බව ඔබ තුමා පැවසු විට මා හට නම් හැඟුනේ, චාලි චැප්ලින් ලාට විකට සම්මාන ලැබුනේ කුමන පදනමකින්ද යන්නයි. සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසු යසලාලක තිස්සලා වෙනුවට,කොහෙවත් සිටිනා විකට නළුවන්ට සම්මාන වලින් පිදුම් ලැබීමෙන්ම පේනවා, අප රටට එරෙහිව පවතිනා ජාත්‍යන්තර කුමන්ත්‍රණය?
අපි වැටුප් වැඩි කරන්න ඉල්ලුවා වගේනේ කතාව. රට කරන්නේ ඔහෙලානේ. ඔය කතාව ඇයි දැන් අපිට කියන්නේ. වැටුප් වැඩිකරන්න ඉල්ලුව අයට කියන්න. ඊලඟ ජන්දෙට කතිර වැටෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවානම් කනගාටුයි.
ජනතාවනි බිය නොවන්න මෙය මගේ තවත් එක් ලොකු බයිලාවක් පමණි.
ඇයි , ඔයවගේ පනතක් ගෙන්න කලින් , ජනාදිපති දන්නේ නැද්ද? මේක ආණ්ඩුවක් නෙවේ පාන්ඩුවක්. පනතක් ගේනවා නැවත හකුලා ගන්නවා. මිනිස්සු කෑගහවොත් . නැත්නම් ,හදවතින්වත් ,මොලෙන්වත් වැඩකරන බවක් පෙන්නේ නැහැ.
හොරැ ඇල්ලීම, ඇස්බැස්ටෝස්, ග්ලයිෆොසෙට්, කැලෑ එළිකිරීම්, පොලිතීන්, එල්ලම් ගහ ....... මේ සැරේ සත පහකවත් මැති ඇමති පඩි වැඩි කරන්න දෙන්නේ නැහැ ! බය හිතෙන කතාවක් ...... නේද?
අනේ ජනාධිපතිතුමා ඔය ඔහොම කිව්වට ඔබතුමාට දැන් මොනවාද කරන්න පුළුවන්? අර 19 සංශෝධනෙන් පස්සේ අගමැතිටයි ඇමැතිවරුන්ටයි ඔබගේ නියෝග මග හැරලා තමන්ට ඕනි විදියට ඕනි දෙයක් කරගෙන යන්න පුළුවන් කියල දැන් කවුරුත් දන්නවනේ? ඒ හින්ද හිතන්න එපා අර ඉස්සර තිබිච්ච බලතල තමන්ට හැබැවට තියෙනවා කියල.
ජනාධිපති තුමනි, ඔබතුමා පහුගිය දිනක , මැති ඇමති බදු නොගෙවන්න හේතුව හැටියට කිවේ ඔවුන් කරන්නේ ගෞරවනීය සේවයක් කියලානේද? ඉතින් ගෞරවනීය සේවයට වැටුප් මොකටද? දීමනා මොකටද? වංචා මොකටද? කොමිස් ගැහිලි මොකටද? තව කියක් දේවල් මොකටද? ජනතාව මෝඩ නැත.
කෑම බීම ඉදුම් හිටුම් යාන වාහන ජලය විදුලිය දුරකථන පහසුකම් සියල්ල නොමිලේ ලැබෙන විට අනු පං
තෙල් මිල අඩුකරා වගේ වේවිද?
කෑම බීම ඉදුම් හිටුම් යාන වාහන ජලය විදුලිය දුරකථන සියල්ල නොමිලේ ලැබෙන විට අනු පන්දාහත් වැඩි නැද්ද හිටං !
ලංකාවේ ආණ්ඩු යම් දෙයක් කරන්නේ නැහෙ කියන්නේ එක අනිවාර්යෙන් ම කරනවා. අනිවාර්යයෙන් මැති ඇමති පඩි වැඩිවෙනවා. මේ ප්‍රකාශ වල කිසිම වටිනාකමක් නැහෙ. නිකම් අපිව රවට්ටලා ලකුණු දාගන්න කියන කතා!!
ජවිපෙ වැටුප් වැඩිවීම ගැන සිය නො කැමැත්ත පල කරකා තිබුණා. ජනපතිතුමනි, ඔබ නිවැරදියි.
චානක් ලොස් ඇන්ජලිස් මහත්තයෝ. ඔහේ කතාකරන්නේ " ලොස්ට් ඇන්ජලිස් " වෙලා වගෙයි පෙනෙන්නේ! "නහර පුප්පාගෙන" හරි කේ ගහන ජේ.වී.පී. කාරයෝ හින්දතමයි අඩු ගන්නේ මේ තරම් වත් මේවා ගැන රටේ මිනිස්සු දැනුවත් වෙන්නේ! ඔය මහත්තයාත් අර දන්නා දේටයි, නොදන්නා දේටයි පාර්ලිමේන්තුවේදී ජල්බරි දාන වාචාල උන්නැහේලගේ ගෝලයෙක් ද? අනුර මහත්තා නම් නොදන්නා දේවල් වලට අඬ හැර දාන කෙනෙක් නෙවෙයි !
එහෙම වෙනවා නම් හොඳයි.... ඒත් දැනටත් තියන වැටුප් බොහොම වැඩි. ලංකාවේ හැම මනුස්සයටම ජීවන වියදමට හරියන විදිහට පඩි දෙන්න ඕන. මෙයටල දුරකථන, වාහන, ඉන්දන, ගෙවල්, හැමදේම ආණ්ඩුවෙන් නිකන් දෙනවා. කරන ඇති කිසිම වැඩක් නෑ. මීට වැඩ හොඳයි අහිංසක හිඟන මිනිස්සුන්ට මේ සල්ලි ටික බෙදල දුන්නනන්.
ගැලරියට ගහන්න නියම අවස්ථාව
ඉන්දියාවෙන් අනුමැතිය දීලද?
එල්ලුම්ගහ, මඩු වලිගෙ, කඩුව වගේම වෙයි
මෙතුමගෙන් ඉගෙන ගන්න සකසුරුවම් බව. බලන්න හෙලිකොප්ටර් 2යි, බෙන්ස් මේබැක් 2යි, ඩිෆෙන්ඩර් 12 , 1000සිසි බයිසිකල් 10 , 150 සේවකයින් සහ නිලධාරින් ඔක්කොමත් නඩත්තු කරගෙන යන්න රු 95000යි නෙහ් යන්නෙ. අපි තමා පඩි මදි කියලා බොරුවට කෑ ගහන්නේ. මේ කටින් ඇත්තක් එන්නෙම නැද්ද හෑබෑටම? ජනපති නඩත්තුවට දිනකට රු ලක්ශ 100ක් යනවා. කලින් කෙනා ලක්ශ 285යි. රටේ ඉන්න මෝඩයන්ට හොදයි මේ බොරු.
හි ...හි..අපිට ඕනෙම නැහැ
චානක මහාතාණෙනි, ජ.වි.පෙ. ප්රචාරක ලේකම්වරයා මෙම යෝජනාවට විරෝධය පල කරලා දැනටමත් ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා. .ජ.වි.පෙ.ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආසන හයයි. පාර්ලිමේන්තුවේ තමන්ට ආසන හැත්තෑ ගණනක් තිබෙනවා කියා කියන විපක්ෂනායක ධූරයට කෙල හලන ඒකාබද්ධ විපක්ෂයේ නොනිළ නායකා වන රටේ හැම ප්‍රශ්නයක්ම සම්බන්ධයෙන් පංසල්වලට ගිහිල්ලා වයසක උපාසක අම්මලා වටකරගෙන ප්‍රකාශ නිකුත් කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහාතාගේ සැබෑ මතය කුමක්ද කියා විමසා බැලිය යුතුයි.
තරහ අවසර... එ්ත් ඔබතුමා කියන ඒවා නම් රටේ මිනිස්සු තඹේකට විශ්වාස කරන්නේ නෑ. තෙල් මිල වැඩිකරන්නේ නෑ කියලා ගහපු පම්පෝරියම උදාහරණයකට ගමුකෝ. ඔය වගේ තව කීයක් කරනවා කියලා කිව්වද..?
පින්පියන්ට මොකටද වැඩි වැටුප්?
මෙයා නිදාගන්නකම් ඉඳලා පඩි වැඩි කරගන්න කට්ටිය...
සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මේ මිනිසා ...!
ඒ වුණාට මල්ලිගේ වැටුප රුපියල් ලක්ෂ 35ක් නේ... ඒ විතරද 95,000 මොන කජ්ජක්ද? ඔක්කොම ආණ්ඩුවේ වියදමෙන්නේ කෙරෙන්නේ....
සත පහකින් නම් වැඩිවෙන එකක් නැහැ. වැඩි කරන්න ලැහැස්ති කරලා තියෙන්නේ සත පහකින් නොවෙයිනේ, ලක්ෂ ගණනින් මිසක්?