ගැටුම්වලට මුල්වූ මන්ත්රීවරුන් හෙළි කරන්න - ඒකාබද්ධය ඉල්ලයි
මහනුවර දිස්ත්රික්කයේ ඇතිවූ ගැටුම් වලට මුල්වී කටයුතු කළ බවට කැබිනට් ප්රකාශක රාජිත සේනාරත්න මහතා සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්රීවරු දෙදෙනා වහාම රටට හෙළි කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරු කතානායක කරු ජයසූරිය මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (08) ඉල්ලා සිටියහ.
ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විවිධ අදහස් උදහස් ඉදිරිපත් විය.