IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පුත්තලම් වෙරළට ආ ඉන්දීය කසළ මන්නාරමටත් ගොඩ ගසයි

 

 

 

රොමේෂ් මධුෂංඛ

 

තලෙයි මන්නාරම, මන්නාරම හා පුනරීන් මුහුදු වෙරළට මේ දිනවල ඉන්දියානු සමාගම් හී ලිපිනයන් සඳහන් විවිධ අපද්‍රව්‍ය හා විවිධ විෂකාරකයන් ගොඩගැසීම හේතුවෙන් මසුන් විශාල ලෙසින් මිය යාම හා පාරසරික ගැටලු රැසක් මතු වී ඇති බවට මන්නාරම් ධීවරයෝ කියා සිටිති.

මීට පෙර පුත්තලම් වෙරළට ගොඩ ගැසූ මෙම අපද්‍රව්‍යය මේ වන විට මන්නාරම් වෙරළට ගොඩගැසීම හේතුවෙන් උතුරු මුහුදු වෙරළ සාමාන්‍ය ජනතාවට මෙන්ම ධීවරයින්ට අහිමිවීමේ අවධානමක් ද පවතින බවට මන්නාරම් ධීවර සමිති පෙන්වා දෙයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් අද (20) දිනයේ දී අදාළ ඉන්දියානු අපද්‍රව්‍ය විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර එම අපද්‍රව්‍ය අයිතිකරුවන් පිළිබඳව ද පරික්ෂාවකට ලක් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් අදාළ අපද්‍රව්‍ය මන්නාරම් මුහුදු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් මේ වන විටත් මන්නාරම් මුහුදු වෙරළට දුර්ලභ ගණයේ මසුන් හා විවිධ වර්ගයන්ට අයත් මසුන් වර්ග විශාල ප්‍රමාණයක් මිය ගොස් ගොඩ ගසා ඇති අතරම ඒ අතර කැස්බෑවන් ද සිටින බවට මන්නාරම් ධීවර සමිති විසින් පෙන්වා දෙයි.

එමෙන්ම මන්නාරම් ධීවරයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ සිට ගසාගෙන එන ලද අපද්‍රව්‍යන්හි විෂකාරකයන් හේතුවෙන් මන්නාරම් මුහුදේ මසුන් ඇල්ලීමද අවදානම් ව පවතින අතරම අපද්‍රව්‍යයන් හේතුවෙන් ඇති වී තිබෙන පාරසරික ගැටලු හේතුවෙන් ධීවර වාඩිවල ජීවත්වීම ද අවධානම් තත්වයක පවතින බවයි.

 



අදහස් (8)

පුත්තලම් වෙරළට ආ ඉන්දීය කසළ මන්නාරමටත් ගොඩ ගසයි

vipula Monday, 20 August 2018 05:59 AM

එට්කා අත්සන් කරන්න කලින් කුණු ටික ඇවිල්ලා.

:       0       46

Rasi Monday, 20 August 2018 06:20 AM

අවුලක් නැහැ, අපි ජාත්‍යන්තරය දිනලා ඉන්නේ. ඕවට කතා කරන්න ගිහිල්ලා, ජාත්‍යන්තරය පරදින්න පුළුවන්.

:       0       49

nuwan Monday, 20 August 2018 06:33 AM

ඔය රටෙන් ඕකට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?

:       0       116

gunarathna Monday, 20 August 2018 08:19 AM

ඉන්දියාව එක්කත් ගිවිසුමක් ගහලද දන්නේ නැහැ කුණු මුහුදට දාන්ට.

:       0       38

uddika Monday, 20 August 2018 11:45 AM

වැඩේ කියන්නේ අපේ මිනිස්සු හරිම නිද්‍රාශීලියි. එ්කයි ගැටලුව. ඔවා කතා කරනකොට ඒ මනුස්සයාට අපහාස විතරයි. අනේමන්දා හැමදාම ඔහොම තමයි.

:       0       80

pushpa kumari Monday, 20 August 2018 01:40 PM

සිංගප්පූර් කසල අනුමත නම් ඕවා මොනවද?

:       267       52

Nalaka Monday, 20 August 2018 04:26 PM

කසල එන්නේ ocean current එකට අසුවුනාම. රටවල් මුහුදට කුණු දාන්න ගිවිසුම් ගහන්නේ නැහැ. බටහිර රටවල් ප්ලාස්ටික් තහනම් කරලා. බීම බොන බට පවා තහනම් කරලා තියෙන්නේ. ඉන්දියාව සමග මේ ගැන කතා කරන්න ආණ්ඩුව බය නම් මේ ගැන මාධ්‍ය වලට තියෙන්නේ ලෝකයේ අවධානය යොමු කිරීමයි. ඉන්දියාව G8 සමුළුවට එක්වීමට කතා කරන මේ කාලේදී මෙවැනි පරිසර දුෂණ ඔවුන්ට පාරා වළල්ලක් වියහැකියි.

:       1       100

Raawana Monday, 20 August 2018 05:08 PM

පහුගිය දිනවල කේරලය පුරා දරුණු ගංවතුරක් ගැලුවා.ඒවායේ විපාක තමයි මේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site