(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
වැලිගම ගුරුබැවිල ප්‍රදේශයේ හෝටලයක අද (20) අලුයම සිදු වු වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.
ඔවුන් මත්පැන් පානය කරමින් සිටින අතරතුර අහස දෙසට එම වෙඩි තැබීම සිදුකර තිබෙන අතර එම ස්ථානයේ වැටී තිබු ජීව උණ්ඩ හයක් හා හිස් පතොරම් කොපු තුනක් පොලීසිය සොයා ගෙන ඇත.
වෙඩි තැබීමට උපයෝගී කර ගත් ගිනි අවිය මෙතෙක් හමු වී නොමැත. එය සොයා ගැනීම සඳහා පොලිස් නිල සුනඛයන් ද කැඳවා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඩුබායි සිට පැමිණි දෙදෙනෙකු ද සිටින බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායි ඉඳලා ආවානම් මදුෂ් ගැනත් දන්නවා ඇති.