(ක්‍රිෂාන් ජීවක ජයරුක්)


වැලිගම ගුරුබැබිල ප්‍රදේශයේ හෝටලයක සිදු වු වෙඩි තැබීමට අදාල රිවෝල්වරය හා තවත් රිවෝල්වර ඩමියක් මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් විසින් අද (20) දහවල් එම හෝටලයේ විසිතුරු පෝච්චියක සඟවා තිබියදී සොයා ගනු ලැබීය.


අදාල රිවෝල්වරයෙන් එම වෙඩි තැබීම සිදු කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.

 

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඊට සම්බන්ධ සැකකරුවන් හය දෙනාම වැලිගම පොලීසිය සැක පිට අත් අඩංගුවට ගෙන තිබුණි

.
ඔවුන් ගිනි අවිය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ නිසා ඒවා සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලිස් නිල සුනඛයින්ගේ ද සහාය ලබා ගැනීමට සිදු විය.