රොමේෂ් මධුෂංඛ
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ දී පැවැත්විණි.
පුනරීන් තරුණ සංසදය හා ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කර ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනය , මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් හි ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණි.
මේ අනුව අදාළ ප්‍රදේශයන් හි සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගව ජෝඩු 70 ක් මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාරපාන ලබා දීමට ද සංවිධායක පිරිස විසින් පියවර ගෙන තිබුණි.
පැරණි සම්ප්‍රදායන් වර්තමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්තමාන ජනතාවට ද දැකබලා ගැනීමට හා වර්ථමානයේ ගවයින්ට සිදුවන වද හිංසා අඩුකිරීමට ගත් උත්සහයක් මෙම තිරික්කල් රේස් තරගාවලියේ අරමුණ බවට සංවිධායකයින් වැඩි දුරටත් කියා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සත්ව හිංසාවක්. අවුරුදු උත්සව වලට පවා මේ වගේ තරඟ තියනවා. මේ සතුන්ට පුදුම වදයක් දෙන්නේ. අනෙක දෙන්නෙක් එක කරත්තෙක බැදලා දුවනකොට මොන තරම් අමාරුයිද? මේවා තහනම් කල යුතුයි. උතුරේ නිසා කියනවා නෙවි ලංකාවේ මොනම ස්ථානයකවත් මෙවෙනි දේවලට ඉඩ නොදිය යුතුයි.
ඔය එක කරත්තෙක විග්නේශ්වරන් කියන එක්කෙනයි, අනෙකේ විජයකළාවයි බැන්දා නම් හරි...
මේ සතුන්ට කරන කරදර වලට අමතරව තවත් මොකටද කරදර කරන්නේ?
ඔය පදින මිනිස්සු ලවා කරත්තේ අද්දවන්න ඕනේ...
මේ අවිහිංසාවාදීන් තව ටික දවසකින් කෑ ගහයිද දන්නේ නෑ... මිනිසුන් කර්මාන්ත ශාලාවල වැඩ කරන එකත් සත්ව හිංසාවක්.. ඒ නිසා ඒකත් තහනම් කරන්න කියලා.
මිනිස්සු උනත් කර්මාන්තශාලාවල වැඩ කරන්න පහසුකම් සහ තිබිය යුතුයි. ඒ සඳහා කම්කරු නීතිය තියෙන බව මතක් කිරීමට කැමතියි...... මිනිසුන් වැඩ කරන්නේ කැමැත්ත ඇතිව ... සතුන් වැඩ කරන්නේ කැමැත්තෙන් නොවේ...
ගවයන්ට කරන හිංසා අඩු කරන්න කිව්වට මේ වැඩෙන් වෙන්නේ ගව හිංසන වැඩි වන එකනෙ.