IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


උතුරේ වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රේස් තරගාවලිය


 
රොමේෂ් මධුෂංඛ
 
පැරණි සම්ප්‍රදායන්ට ජීවයක් දෙමින් අනාදිමත් කාලයක සිට පැවත එන ගවයින් බැදී තිරික්කල් රේස් තරගාවලියක් කිලිනොච්චිය පුනරීන් ප්‍රදේශයේ දී  පැවැත්විණි.


පුනරීන් තරුණ සංසදය හා ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සංවිධානය කර ඇති මෙම තිරික්කල් රේස් තරගාවලිය සඳහා යාපනය , මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්කයන් හි ඉතා ජවසම්පන්නම ගවයින් සහභාගී කරවීමට සංවිධායකයින් විසින් පියවර ගෙන තිබුණි.


මේ අනුව අදාළ ප්‍රදේශයන් හි සිටි ජවසම්පන්න මෙන්ම අත්දැකීම් ඇති ගව ජෝඩු 70 ක් මෙම තිරික්කල් රේස් තරගය සඳහා සහභාගී වී සිටි අතර එය දැක බලා ගැනීමටද විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


පැවති තරගයන්ගේන් ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග හා සියලු ගවයින් සඳහා ආහාරපාන ලබා දීමට ද සංවිධායක පිරිස විසින් පියවර ගෙන තිබුණි.


පැරණි සම්ප්‍රදායන් වර්තමානය වන විට අමතක වී ඇති හෙයින් එම අත්දැකීම් වර්තමාන ජනතාවට ද දැකබලා ගැනීමට හා වර්ථමානයේ ගවයින්ට සිදුවන වද හිංසා අඩුකිරීමට ගත් උත්සහයක් මෙම තිරික්කල් රේස් තරගාවලියේ අරමුණ බවට සංවිධායකයින් වැඩි දුරටත් කියා සිටියහ.
 



අදහස් (7)

උතුරේ වැසියන්ට මතක් කරදුන් පාරම්පරික තිරික්කල් රේස් තරගාවලිය

sampath Monday, 20 August 2018 07:16 AM

මෙය සත්ව හිංසාවක්. අවුරුදු උත්සව වලට පවා මේ වගේ තරඟ තියනවා. මේ සතුන්ට පුදුම වදයක් දෙන්නේ. අනෙක දෙන්නෙක් එක කරත්තෙක බැදලා දුවනකොට මොන තරම් අමාරුයිද? මේවා තහනම් කල යුතුයි. උතුරේ නිසා කියනවා නෙවි ලංකාවේ මොනම ස්ථානයකවත් මෙවෙනි දේවලට ඉඩ නොදිය යුතුයි.

:       162       164

sam Monday, 20 August 2018 09:26 AM

ඔය එක කරත්තෙක විග්නේශ්වරන් කියන එක්කෙනයි, අනෙකේ විජයකළාවයි බැන්දා නම් හරි...

:       12       80

ලුම්බිණි Monday, 20 August 2018 10:14 AM

මේ සතුන්ට කරන කරදර වලට අමතරව තවත් මොකටද කරදර කරන්නේ?

:       59       31

nuwan Monday, 20 August 2018 10:38 AM

ඔය පදින මිනිස්සු ලවා කරත්තේ අද්දවන්න ඕනේ...

:       1       40

Nimal Monday, 20 August 2018 11:13 AM

මේ අවිහිංසාවාදීන් තව ටික දවසකින් කෑ ගහයිද දන්නේ නෑ... මිනිසුන් කර්මාන්ත ශාලාවල වැඩ කරන එකත් සත්ව හිංසාවක්.. ඒ නිසා ඒකත් තහනම් කරන්න කියලා.

:       6       111

Sampath Tuesday, 21 August 2018 02:48 AM

මිනිස්සු උනත් කර්මාන්තශාලාවල වැඩ කරන්න පහසුකම් සහ තිබිය යුතුයි. ඒ සඳහා කම්කරු නීතිය තියෙන බව මතක් කිරීමට කැමතියි...... මිනිසුන් වැඩ කරන්නේ කැමැත්ත ඇතිව ... සතුන් වැඩ කරන්නේ කැමැත්තෙන් නොවේ...

:       0       1

Darshana Tuesday, 21 August 2018 10:36 AM

ගවයන්ට කරන හිංසා අඩු කරන්න කිව්වට මේ වැඩෙන් වෙන්නේ ගව හිංසන වැඩි වන එකනෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site