හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව ආඩිගම මංසන්දියේ ආපනශාලාවකට පහර දීමට සම්බන්ධ සැකකරුවන් සැප්තැම්බර් 3 වැනි දා දක්වා බන්ධනාගාර ගත කිරිමට ආණමඩුව වැඩබලන මහෙස්ත්‍රාත් ෆසාල් අබුතාහිර් මහතා අද (20) නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගත කෙරුණේ නිහාල් ප්‍රේමසිරි යන ආඩිගම ප්‍රදේශයේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ආධාකරුවකු සහ ඔවුගේ හිතවතුන් ලෙස සැළකෙන සරත් පියසිරි, ඉන්දික පුෂ්පකුමාර , ගාමිණි සරත්, නැමති සැකකරුවන් සිව් දෙනෙකි.
මෙම සැකකරුවන් සිව් දෙනා 18 වැනි දා මධ්‍යම රාත්‍රියේ ආඩිගම අදාළ ආපනශාලාවට තියුණු ආයුධ සහ ලි මුගුරු රැගෙන කඩා වැදි එහි තිබු රුපියල් ලක්ෂ 15 කට ආසන්න උපකරණ කඩා බිඳ දමා විනාශ කර එහි තිබු රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද පැහැර ගෙන තිබු බව හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සැකකරුවන් සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් තිබු අතර පසුව 19 වැනි දා සවස ප්‍රධාන සැකකරු සහ තවත් දෙදෙනෙකු ගල්කුලම තේක්ක රක්ෂිතයේ රැඳී සිටියදී ආණමඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම පහර දීමට පැමිණි යතුරුපැදියක් සහ කඩු පිහි සහ ලී මුගුරු ද පොලිසිය බාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ නේද? වැඩේ ෂේප් කරන්නේ නැතිව දැඩි දඬුවම්