(අංජුල මහික වීරරත්න)
යහපාලන රජය යටතේ එක් මාධ්‍යවේදියකු හෝ ඝාතනය කර තිබේ නම් නම්කර පෙන්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියඹලාණ්ඩුවේදී විවෘත අභියෝගයක් කළේය.
වසර තුනක් ඇතුළත මාධ්‍යවේදීන් වෙනුවෙන් ආරක්ෂිත පරිසරයක් රටේ ඇති කළාට කළගුණ සැලකීමක් ලෙස මාධ්‍යය තමාට සහ යහපාලන රජයට අද කුණුහරුපයෙන් බණින බව ද අග්‍රාමාත්‍යවරයා කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවැසුවේ සියඹලාණ්ඩුව කොටියාගල දෙව්පුදගම විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
යහපාලන රජය බලයට පත්වීමෙන් පසුව මාධ්‍යවේදීන් සොයා සුදුවෑන් ආවේ නැතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජය යටතේ එක් මාධ්‍යවේදියකු හෝ ඝාතනය කර නොතිබීම හැර රටට කල වෙනත් කිසියම්ම වැඩදායි ඇත්නම් පවසන ලෙස මමත් ඔහුට අභියෝග කරනවා.
යහපාලන ආණ්ඩුවේ මොන වැරදි තිබුණත් රටේ ඕනෑම අයෙක්ට විරුද්ධව ප්‍රසිද්දියේ කථා කරන්න පුලුවන් නිදහසක් නිර්මාණය වුනා. ඒක කාටවත් නෑයි කියන්න බෑ. ඒ වගේම ඒ නිදහස වෙන කිසිම ආණ්ඩුවක් යටතේ නැවත ලැබෙවියැයි හිතන්නත් බෑ. ඒ වෙනුවෙන් යහපාලන ආණුඩුවට සියළු ගෞරව හිමිවිය යුතුයි.