හර්ෂණ තුෂාර සිල්වා
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිනෙන් දින පහළ යන ශ්‍රී ලංකා රුපියල අද (20) තවදුරටත් පහළ ගියේය.
පසුගිය පෙබරවාරි මස 10 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව පහළ යමින් තිබෙන ශ්‍රී ලංකා රුපියල, අද (20) මෙරට ඉතිහාසයේ පහළම අගය වාර්තා කරමින් රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 161.81ක් දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 161.81 ක් වූ අතර ගැනුම් අගය 158.61ක් විය.
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පසුගිය සතියේදී 161.50 ඉක්මවා ගිය අතර ශ්‍රී ලංකා මහ බැංකුව සිකුරාදා නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 161.78ක් ලෙස දැක්විණි.
ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන ආර්ථික දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට අගෝස්තු 17 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.7කින් අවප්‍රමාණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මොලකරු රට කරවන්නේ නම් 2020 වනවිට තව පහළට යාවි....
අනේ දැන් කෝ අර රටේ දියුණුවට හොඳයි කියලා පඩි කතා කිව්ව ආරථික ඔස්තාර්ලා...
රුපියල විතරක් නෙවේ ඕස්ට්‍රේලියානු ඩොලරයත් සත 74 ඉදලා සත 72 ට අඩුවුණා එක සුමානෙට. එකට හේතුව ඇමරිකානු ඩොලරය ඉහල යාම.
කියන්න දෙයක් නැහැ මින් ඉදිරියට වාර්තා කොරන්න තිබෙන්නේ රුපියල බාල්දුවීම පමණයි. ලී බංකු තියන්න ඕනේ තැනට ලක්ෂ හයාමාරේ පුටු දෙනකොට, තිරික්කල දෙන්න ඕනේ අයට කෝටි ගණන්වල කාර් දෙනවිට රුපියල කුජීතු වෙන එක අහන්න ඕනෙද?