චමිල් රූපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී අනුරාධපුර මහ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ යොහාන් කෝරළගේ මහතාට පහර දුන් බවට සැකකරන ශ්රාස්ත්ර පීඨයේ තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු අද (20) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුවා හෙට (21) හඳුනාගැනීමේ පෙරැට්ටුවක් සඳහා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධව පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ශ්රාස්ත්ර පීඨයේ සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.
පසුගිය 16 වැනි දා පේරාදෙණිය පොලිසිය විසින් තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන හෙයින් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීම නිසා ලබන 30 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
මෙම වෛද්‍යවරයාට පසුගිය 3 වැනිදා මෝටර් රථයෙන් යමින් සිටියදී අවශ්‍යතාවයක් සඳහා හිල්ඩා ඔබේසේකර ශාලාව අසල රථය නවතා තිබියදී විශ්ව විද්‍යාල සිසුන් ඔහුට පහර දී තිබේ.
මේ සම්බන්ධව වෛද්‍යවරයා විසින් පේරාදෙණිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා කොහොමද දන්නේ නැහැ. ඔය ගොඩක් වෛද්‍යවරු රජයේ රෝහල් වල ඉන්නේ පැයක් විතරයි මුළු දවසම ප්‍රයිවට් චැනලින් වල මිනිස්සුන්ව හූරගෙන කන එක තමයි කරන්නේ. රජයේ රෝහල් වල නේවාසික ප්‍රතිකාර ගන්න කිසිම රෝගියෙකුගේ වෛද්‍ය වාර්තා ලබාදෙන්නේ නැහැ. ඒ වෙන මුකුත් නිසා නෙවෙයි ලෙඩුන්ව උඩින් පල්ලෙන් පරීක්ෂා කරලා පුද්ගලික රෝහල් වලට දුවන නිසා.
පත්තරේ කතා කරන්නෙ පහර දීමක් ගැන මිස වංක අවංක සේවය ගැන නොවෙයි.
වීරසිංහ සර්ව සාධාරණ වෘත්තිකයෙක් බව පෙනෙන්නට තිබෙනවා වෘත්තිය කුහකත්වය ඇතිකළේ බහුතරක් වුන වෛද්‍යවරු තමා, මේ රටේ ජනතාව මේ කුහකයන් සැමදාම ඇපයට තබා ගත්තා. දේශයේ ධනයෙන් වෘත්තිකයන් වුන සියලු දෙනා වෘත්තික අයිතිවාසිකම් දිනා ගනිද්දී ,විශේෂයෙන්ම වෛද්‍යවරු උදය වරුවේ වර්ජනය කර හවස් වරුවේ ද එම වර්ජනය කලාද කියල අපි අහනවා ජනතාව වෙනුවෙන්. හිටපු සහ පවතින රජය මේ කාරණයෙන් ඉවත්වෙලා ජනතාවට තීරණක් ගන්න දුන්නොත් මෙක සර්ව සාධාරන වෛද්‍යවරුන් ගැන තීරණක් ගන්නට ජනතාව සුදානම් මේ රටේ මුළු රාජ්‍ය සේවකයන් ඉන්නේ 6% බව මතක තියාගන්න. ජනතාව තීරණයක් ගත් දිනකදී වෛද්‍ය වර්ජනය වෛද්‍යවරුන්ගේ අවසන් වර්ජනය වෙනු ඇත. මේ රටේ ජනතාව ඉදිරියට පැමිණීමට බහුතරක් වෛද්‍යවරුන්ට නොහැකි වනු ඇත.. අද වෛද්‍යවරක් කියන්නේ මුළු මහත් ජනතාවගේ වෛරයට පත් උන කෙනෙක් බව මතක් කරමු ...