(ශිරාන් රණසිංහ )
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන්ට බාර දිමට එක්සත් ජාතික පක්ෂයත්, විපක්ෂ නායකත්වයත් තීරණය කළහොත් එම අභියෝගය බාර ගන්නා බවට හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එය පක්ෂය විසින් ගත යුතු තීරණයක් බවත් තිස් වසරක කුරිරු යුද්ධයෙන් රට බේරා ගත් තමා ඉදිරියටත් රට සහ රටේ ජනතාව වෙනුවෙන් අවංකව කැප වෙන බවත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
තම පක්ෂය ගන්නා තීරණයකට තමාද එකඟවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා විහිලු කරන්නත් පටන්ගත්තද? වයසේ වැරැද්ද..
ඇත්තටම කියනවා නම් අපි දන්නා ආකාරයට පෙර එක්තරා මැතිවරණයක් දවසේ මධ්‍යම රාත්‍රිය වෙනතුරු ලැබී තිබුණු ප්‍රතිඵල අනුව ඉදිරියෙන් හිටියේ මෙතුමායි. නමුත් ඉන් ඉක්බිතිව පැයක් වැනි සුළු කාලයක් ඇතුළතදී ඒ සියල්ල යටිකුරු වුනා. ඉන්පසු සිදුවූ දේවල් දැන් ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නේ...
අම්මෝ පාතාලයන්ට ගිය රටක් වෙයි!
කොටි ත්‍රස්තවාදීන් සමග කල සටනේදී මෙතුමා ඇත්තටම දක්ෂයෙක්. ඒ ගැන විවාදයක් නැහැ ඇත්තටම. දේශපාලනය කියන්නේ හමුදාව පාලනය කරනවා වගේ මිනිසුන් පාගාගෙන, අනුන්ගේ අදහස් නොඉවසන, තනි තීරණ ගන්නා දෙයක් නොවනබව තවමත් මෙතුමා ඉගෙනගෙන නැහැ වගෙයි මට නම් හිතෙන්නේ. හමුදාවෙන් ගෞරවාන්විත ලෙස සමුගෙන විශ්‍රාම ගත්තනම් මෙතුමාගේ වටිනාකම කියා නිම කරන්න බැහැ.
මේ දේශපාලු සාපයෙන් රට බේරාගැනීමට හැකියාව හා කැපවීම හා අවංකභාවය ඇත්තේ ඔබට බව විශ්වාසයි. ජයශ්‍රී.
හමුදා පාලනයක් අවශ්‍ය නෑ.
රෑ වැටුණු වලේ දවාලෙත් වැටෙන්න වගේ !
මේ පක්ෂය තුළවත් තමන්ගේ ස්ථානය තේරුම් ගන්න බැරි මෙයාද ජනාදිපති වෙන්න හිතන් ඉන්නේ. මොනවා කොරන්නද 62 ඉන්නවානේ.
ඡන්ද 5000 අරගෙන කොහොම රටේ නායකයා වෙන්නද?
අපිට නම් අනේ අපොයි කියලා හිතෙන්නේ නැද්ද මේ ඔබ කරගන්න හදන වින්නැහි අහලා?
අපිට නම් අනේ අපොයි කියල හිතෙන්නේ නැද්ද? මේ ඔබ කරගන්න හදන වින්නැහි අහලා... අනේ නිකම් අපරාදේ මිනිස්සුන්ගේ උපහාසයට ලක් වෙන්නේ මොන කරුමෙටද මන්ද? මොකද ඔබට දේශපාලනය කරන්න ගියාම තියෙන්න ඕනෑ ඉවසීම කියන දේ හරියට නැති අඩුව නිසා අතර මගදී ඔක්කොම අය හතුරෝ වෙලා සියල්ල අවුල් වෙනවා.
මහ මැතිවරණයකදීත් ඡන්ද 5000ක් තියෙන්නේ... ජනාධිපති වෙන්න හිතන් ඉන්නේ.
මිනිසුන් හැටියට අප වැඩි දෙනෙකු තමන්ට පුළුවන් මොනවද තමන්ට බැරි මොනවාද යන්න හඳුනාගෙන නොමැති බවට මෙය කදිම උදාහාරණයකි. අප අතරින් " තමන් කිසිදෙයක් නොදන්නා බවට දන්නේ කීයෙන් කී දෙනෙකුද?
ඉස්සෙල්ලාම පලා බබෙක් වෙලා බලමුද ඡන්ද කීයක් ගන්න පුලුවන්ද කියලා...
හිනා යනවා මේ වගේ විහිළු දැක්කම, අනේ මන්දා?
ආයේ 2020න් පස්සේ තව අවුරුදු 25 කටවත් යූ එන් පී ආණ්ඩුවක් එන්නේ නෑ. ඇමති වෙච්ච හැටියේ කෝටි ගාණක ජනතා මුදලින් වාහන ඉල්ලපු මෙයා ජනාධිපති වුනොත් මොනවා කරයිද..?
දේශපාලනය ඔබතුමාට හරි යන්නේ නැහැ කියලා තාම තේරුම් ගන්න බැරි වුනානේ.
එහෙනම් ප්‍රශ්නයක් නෑ.
ජනාධිපතිගෙ පඩි අඩුයි . දැං ඔබට ලක්ෂ තුනාමාරක් හම්බවෙනකොට තනිකඩය වගේ යංතම් කාල බීල ඉන්නකොට ජනාධිපති වෙලා ලක්ෂයක් විතර තමයි ඒකෙ පඩි.
අපේ රටේ මිනිස්සු ඒ ගොල්ලන්ගේ පෞද්ගලික වැඩ වලදි සුදුසුම පුද්ගලයා තොරනවා. ඒත් රටේ පාලකය තෝරනකොට මන්ද බුද්ධික වෙනවා
ඔය හීන වලින් ඇහැරිලා ඉස්සල්ල මහත්තයෝ ඔය හරියට දීල තියන ඇමතිකම හරියට කරන්නකෝ . අනිත් ඒවා පස්සේ බලාගන්න බැරි යැයි.
මෙයලාට බලය ලැබෙන කොට මොලේ නැතිව යනවා. උද්දච්චකම ඔළුවට ගහනවා මේ වගේ මිනිස්සු රටේ නායකයන් උනත් රට වැනසෙයි.
මොනවත් නොකියන්න
මා පෞද්ගලිකවම දන්නා කරුණක් තමා එදා මැතිවරණය පැවති දවසේ මධ්‍යම රාත්‍රිය වෙනතුරු ලැබුන ප්‍රතිපල අනුව ෆොන්සේකා ඉදිරියෙන් සිටි බව.
මහින්ද රාජපක්ෂ වගේ නොවී තමන්ගේ තත්වය රැකගෙන ඉන්න බැරි මොකද? වරක් ඉල්ලුවා නේද?
මෙතුමාට අපි හැමෝම ආදරය කළා. එ්ත් අද වෙනකොට මෙතුමාව මුළු රටටම එපා වෙලා තියෙන්නේ මහ බැංකුවේ සල්ලි ඒ වගේම පාතාලය මෙතුමාගේ ළගම මිතුරෝ ඇත්තම කියනවා නම් මෙතුමාට ආයේ ප්‍රාදේශීය සභාවටවත් එන්න ඡන්දය ලැබෙන්නේ නැහැ. තරුවක් දෙකකුත් ගලවලා දාන්න තියෙන්නේ...
එදා මැතවරණ ප්‍රතිඵල අනුව මෙය අවසන් මොහොත වනතුරු ඉදිරියෙන් හිටි බව අපි දැක්කා. නමුත් අවසන් පැයේදී වුණු දේ ගැන දන්නේ එදා හිටිය මැතිවරණ කොමසාරිස්. අද එයා ආගිය අතක් නැහැ. කාටවත් ඒවා ගැන හොයන්න වුවමනාවකුත් නැහැ. ඇත්ත කවදා හෝ එළිවෙයි. කල් ගියත් කොම්පියුටර් කරපු ජිල්මාටුත් අපිට තේරුණා. කරපු මිනිස්සු දන්නවා මොකද්ද වුනේ කියලා...
ඔබතුමා 2009 මැයි මාසයේ මේ රට භාරගත්තා නම් මේ රට හදන්න තිබුණා. දැන්නම් මේ රට ගොඩගන්න සමතෙක් පේන්නවත් නැහැ.
ඒ කතාව මම අනුමත කරනවා. කවුරු කිව්වත් බොරුවක් නම් බොරුවක්. එ්ත් ඇත්ත නම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ. ඒ කතාව සත්‍යයක්. එ්ත් සරත් ෆොන්සේකා මහත්මයා දැන් ජනාධිපති වරණයකට ඉදිරිපත්වීම ගැන සිතීමවත්, ජනාධිපති වීමට උත්සාහ දරන එකවත් නිවැරදි නැහැ. එ්කට ඉඩ දෙන්නත් බෑ. ඒ නිසා එය නිකම්ම කතාවක් පමණයි.
ජෙනෙරල් කෙනෙක්ට නිකන්ම නිකන් ජෙනෙරල් කියන්න ඔයානම් සොල්දාදු උන්නැහේ කෙනෙක් වෙන්න බෑ.