
(ජයන්ත සමරකෝන්)
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ පොලිස් විශේෂ කාර්ය බලකා අනුඛණ්ඩය බාර ප්‍රධානියා වහාම ක්‍රියාත්මක වනපරිදි යාපනයට මාරු කර යවා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
බන්ධනාගාර තුළට තහනම් ද්‍රව්‍ය ගෙනයාම සඳහා අනුබල දුන් බවට ලැබී ඇති තොරතුරක් මත මෙම මාරුව සිදුකර ඇති බව බන්ධනාගාර නිලධාරීහු සැක පළකරති.
මීට පෙර මෙවැනි අනු ඛණ්ඩයකට අයත්ව සිටි නිලධාරීන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය ගෙනයාමේ චෝදනාවක් මත සිව්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබූ අතර, තවත් නිලධාරියෙකුගේ රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි.
ඒ සමඟ ම එම අනුඛණ්ඩය ඉවත් කර, වෙනත් අනුඛණ්ඩය යටතට බන්ධනාගාරයේ ආරක්ෂාව බාරකර තිබූ බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරි... එහෙනම් STF එකත් බිස්නස් එකට බැස්සා..