
(දිනේෂ් සමරකෝන්)
දරුවන්ගේ අනාගතය ගැන සිතා මෙරට තුළ යම්කිසි වයස් සීමාවකට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
ප්‍රංශයේ අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ්ය මාධ්‍ය භාවිතය තහනම් කිරීමට අනුමත කර ඇති බවත්, ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කටයුතු කර ඇති බවත් කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අද හෙතෙම සඳහන් කළේය.
ප්‍රධාන වශයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කරමින් එලෙස සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට කටයුතු කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
තාක්ෂණය අවභාවිතා වීමත් සමග දරුවන්ගේ සිතුම් පැතුම් වල විශාල වෙනසක් සිදුව ඇති බව ද ඔහු පැවසීය.
ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන අවස්ථාවේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමේ කරුණ පිළිබඳ අවධානය යොමු කරන ලෙස දිසානායක මහතා සඳහන් කළේය.
ඒ හරහා වැඩිහිටියන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට යෝජනා නොකරණ බව ද ඔහු අවධාරණය කර සිටියේය.
මේ අතර, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ආණ්ඩුවේ වැඩකටයුතු කඩාකප්පල් කිරීමට හෝ ආණ්ඩුවට බාධා කිරීමට විපක්ෂයට අවශ්‍යතාවයක් නොමැති බවය.
එමෙන්ම අතරමැද ආණ්ඩුව බලය ලබා ගැනීමට ද අවශ්‍යතාවක් නොමැති අතර, ආණ්ඩුව පෙරලීමට කුමන්ත්‍රණ සිදු නොකරන බව හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස ආණ්ඩුවට සඳහන් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානමින් සිටින බවත් අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් හොරාකන එක, මැරක්‍රියා කරන එක, සෙල්ලමට තුවක්කු එකතුකරන එක නවත්තන්න.